Wednesday 7 March 2012

මට හරි අමාරුයි....!

මගේ මතයනම් මේ කෙනෙක් ජීවිතයට එක් වරක් පමණක් කළ යුතු ප්‍රකාශයකි.


එහෙත් අවසනාවක මහත! අපේ රටේ බහුතරයක් දවස පුරාවට කීවතාවක් නම් මේ කතාව කියනවාද! මගේ ඔළුව කකියනවා, ඔළුව බරයි, කලන්තෙ වගේ, කැරකිල්ල වගේ, හරි මහන්සියි, බෙල්ල රිදෙනවා, අත කකියනවා, අතන රිදෙනවා, මෙතන රිදෙවා ......

අප නිතරම සිතන දෑ අපට හිමවේ. !

4 comments:

දයානන්ද රත්නායක said...

සම්පූර්ණ ඇත්ත, මට හරිම අමාරුයි කියන්න ඕනෙ අවසන් හුස්ම හෙළන වෙලාවෙ විතරයි. කෝ ඉතිං අපි දැම්ම ඉඳන් මේක කියවනවනෙ. මේක කියන්නෙ ඇත්කටම අමාරු නිසා නෙවෙයි. වෙන කියන්න එකක් නැති නිසා කියලයි මම හිතන්නෙ.

Bandula - බන්දුල said...

ඔව් වෙන කියන්න දෙයක් දන්නෙ නැති නිසා එහෙම කියනවා. "අද මට හරි පහසුයි" කියල කව්වොත් තමන්ට ලැබෙන වාසිය ගැන නොදන්න නිසා "මට හරි අමාරුයි" කියල කියනවා. තව දෙයක්; කවුරු හෝ මුණ ගැසී "ආ කොහොමද?" කයල ඇහුවම කියන්නෙ "අනේ මන්ද ඔහේ ඉන්නවා" නැත්නම් "ඉන්නවට ඉන්නවා" වගේ දෙයක්නෙ. සමහරු නම් "වරදක් නෑ" කියලවත් කියනවා. "වරදක් නෑ" කියන වෙලාවේ, තියෙන යම් හොඳක් කිව්වොත් මොකද වෙන්නෙ!

බට්ටි said...

මමත් හැමදාම දවස පටන් ගන්නේ
''මම නිරෝගී ...මම පොහොසත්...මම තමයි මේ ලෝකෝ ඉන්න වාසනාවන්තම අම්මගේ වාසනාවන්තම දුව'' කියලා හිතාගෙන.
හැබැයි රෑ ඇදට යද්දී දවසේ තනියම මැරිලා මැ‍රිලා කකුල් කකියද්දී නම් දුකයි.එත් කාටවත් කියන්නෑ.නිදියනවා ඇරෙන්න.

Bandula - බන්දුල said...

අපි ක්‍රියත්මක වෙන්නේ අපේ සිත අනුව. සිත කොටස් දෙකකට බෙදෙනවා. උඩු සිත හා යටි සිත ලෙස. යටි සිගේ ක්‍රියාත්මකවන, එහෙත් අපට නොදැනෙන සිතුවිලි නිසා උඩු සිතේ ඇතිවන සිතුවිලි අනුව අපි ක්‍රියාත්මක වෙනවා. යටි සිතට ඒ සිතුවිලි යන්නේ කෙසේද? එය අවබෝධ කර ගත්තොත් අපට වඩාත් ඵලදායී සිතුවිලි යටි සිතේ රෝපනය කර ගත හැකි වේවි.
නින්දත් නොනින්දත් අතර සිටින වේලාවේ අපි සිතන දේ යටි සිතට යන බව සොයාගෙන තිබෙනවා. මෙය සැබෑවක්නම් ඔබ සෑමදාම යටි සිතට ඇතුල් කර තිබෙන්නේ තනිකම, වේදනාව වැනි හැඟිම් සමුදායක් බවයි පෙනෙන්නේ. දයාබර බට්ටී, උදෑසන ඇති කර ගන්නා අභාමානවත් හැඟීම් රාත්‍රී නින්දට යන විටත් නැවත මතක් කර ගන්න. ඇත්තටම ඔබගේ මව වාසනාවන්තම මව වනවා නොඅනු මානයි.