Tuesday, 13 March 2012

හොඳම දේ කාටද?

ඇගේ වයස අවුරුදු 72යි. අක්‍ෂි ස්නායුවක හට ගත් ආබාධයක් සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය ශල්‍යකර්මයක් බව වෛද්‍යවරුන් තීරණය කරනවා. ඇයට දරුවෝ 5 දෙනයි. සැත්කමට සියල්ල සූදානම්, ඒත් ඇය හැර!

කෝ මගේ දරුවෝ...?
ලොකු අක්කා කෝ පුතේ? පුතාව පන්ති එක්ක ගිහින් අම්මේ. අම්ම බලන්න එන්නම් කිව්වා.
ලොකු මල්ලි..? අම්මෙ එයා වැඩට ගිහින්, ඕෆ් වුන ගමන් එන්නම් කිව්ව. මට එන්න කිව්ව. ලේලි කිව්ව.
එතකොට චූටි මල්ලි..? බබාල ගන්න ගිහින් ඉස්කෝලෙට.
එතකොට නංගි කෝ මගේ දුවේ..? පොඩි අය කුස-බපා බලන්න එක්ක යනවා කිව්ව අම්මෙ, අම්ම කලබල නැතුව ඉන්නකො ඒ ගොල්ලො පුළු පුළුවන් වෙලාවට එයි.

ඔවු දුවේ ඒ ගොල්ලෝ එයි. මගේ මෝඩ කමට මම මග බලාගෙන හිටියට ඒ අයටත් ළමයි ඉන්නවනෙ මගෙ පුතේ.

අද අපි සියල්ල කරන්නේ දරුවන් වෙනුවෙන්ය. හොඳම දේ දරුවන්ටය. නෑ සියල්ලම දරුවන්ටය. පළමුවම අමතක වන්නේ තමාය. තමා අමතක කර සියල්ල දරුවන්ට දෙයි. ඊළඟට තමාගේ සහකරුවා හෝ සහකාරිය අමතක කර සියල්ල දරුවන්ට දෙයි. තමා සමග එක බඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරයින් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. තමන් මොළොවට ජාතක කළ, හදා වඩා ගත් අම්ම තාත්තා අමතක කර සියල්ල දරුවන්ට දෙයි. එක සෙල්ලම් ගෙයි වැලිබත් ඉව් යහලු යෙහෙලියන් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. ගුරුවර වැඩිහිටයන් අමතක කර සියල්ල දරුවන්ට දෙයි. හෙට දිනය බාර ගැනීමට සිටින ළමා පරපුර අමතක කර සියල්ල දරුවන්ට දෙයි. සියල්ල තම දරුවන්ටය.

සියල්ල දී හදා වඩා ගත් දරුවන්ද, සියල්ල දරුවන්ට දීම සඳහා ගොස්ය. ඇයට සිදු වූයේද එයමය.

7 comments:

Il mondo di una povera pazza said...

මේක තමයි ඇත්ත. ඒත් වරදක් කියන්නත් බෑ නේද?
මොනවා වුනත් ආපහු ලියනවා දැක්ක එක නම් හරිම සතුටක්....

Bandula - බන්දුල said...

ඇත්තටම වරදක් නැද්ද?

දයානන්ද රත්නායක said...

ඇත්තටම අපිට ඒ වගේ නැවත නිවැරදි කරන්න බැරි වරදවල් වෙනවා. පස්සෙ පසුතැවෙනවා

ඒත් දෙමව්පියෝ ඒවා කවදාවත් අපේක්ෂා කරන්නෙ නෑ. ඒත් අපි දැනගත යුතුයි අපේ වගකීම්වල සීමාවන්

දයානන්ද රත්නායක said...

ඇත්තටම අපිට ඒ වගේ නැවත නිවැරදි කරන්න බැරි වරදවල් වෙනවා. පස්සෙ පසුතැවෙනවා

ඒත් දෙමව්පියෝ ඒවා කවදාවත් අපේක්ෂා කරන්නෙ නෑ. ඒත් අපි දැනගත යුතුයි අපේ වගකීම්වල සීමාවන්

Bandula - බන්දුල said...

"ඒත් දෙමව්පියෝ ඒවා කවදාවත් අපේක්ෂා කරන්නෙ නෑ." ඒකද ඇත්ත? හැම දෙමාපියෙක්ම බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවන්ගෙන යමක්. දරුවෝ එය ලබා දෙන්නේත් තමන්ගේ දරුවන්ටමයි.

ශාකුන්තල said...

It's an inherent feature in most of the animals I guess. When it comes to humans, I'd rather call it 'inherent mistake'.

Bandula - බන්දුල said...

yes that inherent mistake goes against civilization.