Wednesday 14 January 2009

දේශපාලන විසඳුම හා යුධ විසඳුම

එක් කණ්ඩායමකට අනුව ලංකාවේ තිබෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් පමණි.
තවත් කණ්ඩායමකට අනුව ලංකාවේ තිබෙන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණි.

ජනවාර්ගික ප්‍රශ්නය වෙනුවෙන් දේශපාලන විසඳුමක් සොයති.
ත්‍රස්තවාදී ප්‍රශ්නය වෙනුවෙන් යුධ විසඳුමක් සොයති.

ඇත්තටම ලංකාවේ තිබෙන්නේමේ ප්‍රශ්න පමණද?

ජනවාර්ගික ප්‍රශ්නයක් පමණක් ඇත්තේ දේශපාලන කණ්ඩායම් (වර්ග) තුනකටය.
1. ද්‍රවිඩ දේශපාලකයින්
2. වාමාංශික දේශපාලකයින්
3. රට හමුවේ තැබීමට තරම් සුදුසු සංකල්පයක්-මතවාදයක් නොමැති අඳබාල දේශබාලකයින්

ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණක් ඇත්තේ තවත් කණ්ඩායම් (වර්ග) තුනකටය.
1. ජාතිවාදීන් හෙවත් සිංහල ත්‍රස්තවාදීන්
2. යුධ ව්‍යාපාරිකයින්
3. වසර ගනනාවක් පට්ට ගැසූ මතවාද යල්පැනගිය පසු, ඒවා අත හැර ජනප්‍රිය වීමට හැකි මාතෘකාවක් සොයාගත් අඳබාල දේශබාලකයින්

මාගේ මතයනම් ලංකාවේ තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් බවයි. එහි ප්‍රකාශිතයන් ලෙස ජනවාර්ගික හෝ ත්‍රස්තවාදී හෝ තවත් නොයෙක් ප්‍රශ්න දැකිය හැකිය.
එසේනම් එයට තිබිය යුත්තේ ආර්ථික විසඳුමකි.

පළමුව කළ යුත්තේ ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.
ජීවිතය සැප පහසුවන විට හා සැප පහසු ජීවිතයක් සඳහා කාර්යබහුල හා කාර්යන්ෂම වනවිට වාර්ගික හැඟීම් හා ත්‍රස්ත හැඟීම් වෙනුවෙන් වන පෙලගැසීම් අඩුවනු ඇත.

එහෙත් අද අපේ රටේ දේශපාලකයින් රෝග නිධානය තිබියදී රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමේ කාර්යයේ යෙදී සිටිති.

පළමු කණ්ඩායම ත්‍රස්තවාදයට සාම විසඳුමක් දෙමින් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දි යුතු බව පවසති. දෙවන කණ්ඩායම ත්‍රස්තවාදයට යුධ විසඳුමක් දෙමින් ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමට සැරසෙති. රෝග ලක්ෂණ සමහන් වූවද රෝගය එසේම තිබෙනු ඇත.

එබැවින් පළමුව (හෝ සමගාමීව - ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති බැවින්) ආර්ථීක විසඳුමකට යොමු විය යුතුව ඇත.

ඒ සඳහා ‍යොමු වීමට ක්‍රම දෙකක් ඇත.
1. සමස්ථ ජනතා පෙලගැස්මක්.
2. නිවැරදි නායකත්වයක්.

මින් එකක් හෝ බලාපොරොත්තුව සිටිමු.

10 comments:

Anonymous said...

ඔව් ඔබ කියන කාරණය හරි, අපට අවශ්ය වන්නේ ශක්තිමත් ආර්ථිකයකි. රට ගැන නොසිතා ජාති ආගම් මත දේශපාලනය ක්‍රියාත්මක වීම වැරැද්දකි.

Narada said...

ඇත්තටම ඔබේ මතය හරි අයියේ, මේ සදහා උදාහරණ ගොඩාක් තියෙනවා. එවා පෙන්වා දෙන ගමන් කියනවා නම් හොඳයි. ඒ වගේම යුධ මානසිකත්වයක් ඔලුවේ ගොඩ නගා ඉන්න අපේ මිනිස්සුගෙ හිත් හදන්නත් ඔනෙ නේද? නැත්ත්නම් කියයි රට විකුනනවා කියලා හරි රෙද්දක් ගැන කියලා.

Anonymous said...

ප්‍රශ්නය ත්‍රස්ථවාදී හෝ ජනවාර්ගික උනත් ප්‍රධාන විසදුම, උත්තරය බඩගින්න දැනෙන්න නැති ආරථිකයක් ගොඩ නැගීම.
ඊට අමතරව සියළුම ජාතීන්ට සම භාෂා අයිතීන් සමාන සංවර්ධන අයිතීන් හා දේශපාලනයට බාදාවකින් තොරව ඇතුළු විමේ අයිතීනුත් දිය යුතුයි කියලයි මට හිතෙන්නෙ.

Derick Suranga Widanalage said...
This comment has been removed by the author.
Anonymous said...

Good post. This is a subject hardly touched by anybody.

I have briefly discussed in one post where I said:

1948 අප නිදහස ලබන විට යාපනය ලංකාවේ දෙවන ප්රධාන නගරය විය. එහෙත් නිදහසින් පසු 1970 තරම වන තුරුම යාපනය හෝ උතුරු නැඟෙනහිර පළාත් වල ආර්ථිකය නැංවීමෙහිලා රජය මඟින් කෙරුණෙ අතිශය සුළු කාර්ය භාරයකි. ආචාර්ය එන්. එම්. පෙරේරා යාපනය හැඳින්වූයේ ‘මනි ඔර්ඩර් ආර්ථිකයක්’ හැටියටය. යාපනයේ ජනතාව යැපුණේ ඔවුන්ගේ නෑයින් කොළඹ සේවය කොට මාසය අන්තිමට මනි ඔර්ඩර් මඟින් යැවූ මුදල් වලිනි. යාපනය මූලික උතුරු නැඟෙනහිර ආර්ථික වශයෙන් කොන් කිරීම ජන වාර්ගික අර්බුදයේ ආරම්භයයි.

http://bandaragama.wordpress.com/2009/01/13/2

Bandula - බන්දුල said...

ප්‍රතිචාරයන්ට ස්තුතියි!

ම.ම.ගි said...

හරි හරි ආඬි අයියලා(හත් දෙනාට වැඩිය ඉන්නවා වගේ) ටික එකතුවෙලා ආර්ථිකේ හදනකම් අපි ප්‍රභාට කියමු පුළු පුළුවන් හැටියට බස් ටික පුපුරොවලා ජනගහණය ටික ටික අඩු කරලා සපෝර්ට් එකක් දෙන්ටය කියලා

Bandula - බන්දුල said...

මචං,
ඔබත් සමග මමත් එකඟයි. ඒ නිසයි

"...එබැවින් පළමුව (හෝ සමගාමීව - ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති බැවින්) ආර්ථීක විසඳුමකට යොමු විය යුතුව ඇත."

කියා කීවේ. කෙසේ වුවත් තවමත් ලංකාවේ 'ඔබගේ කණ්ඩායම' ප්‍රභලයි. එබැවින් හත්දෙනකුට වැඩිවුණත් බොහොම සීමිත 'ආඬි' කණ්ඩායමට තවත් සෑහෙන කාලයක් ඔබලා සමග විඳවමින් බලා සිටීමට වනු ඇත. එතෙක් ඔබලාගේ 'මතය දැරීමේ' නිදහසට ගරු කරමින් බලා සිටින්නෙමු.

ඩෙරික්,
රනිල් උත්සාහ කළේ මේ දේ කිරීමටමද යන සැකය දුරුවී නෑ. හැකිනම් කරුණු සහිතව පැහැදිලි කරන්න.

Ramachandra said...

ආර්තික විසදුම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි මදි වුනත් පුලුල් අර්ථයෙන් ඔබ සමග එකගයි.දැනට තියෙන යල් පැනපු ආර්ථික ක්රමවේදය විසින් තමයි මේ තියෙන ප්ර්ශ්නය ඉස්මතු කරනු ලැබූයේ.නිෂ්පාදන බලවේග වල වර්ධනයට දැන් තියෙන පසුගාමී ධනවාදී නිෂ්පාදන සම්බන්දතා බාධා කරනවා.නිෂ්පාදන බලවේග ඉන් නිදහස් කර දමන විසදුමක් තමයි අවශ්‍යය.ඔබ "ආර්ථික විසදුම"යන්නෙන් අදහස් කරන්නෙ ඒ වගේ රැඩිකල් පරිවර්තනයක් නම් 100%ක් එකගයි.
එසේ නොවේ නම් වැඩි දුර ඒ ගැන සාකච්ඡා කල හැකියි

boo pale said...

100% ekagai.
mage mathaya.. tamila minissu eyalata wena asadaranakan, jathiwadayak kiyala satan hari karanwa..
ane apita wena asadarana kam kata kiyannad?
ape mulu ratema thiyenne..
"Aththoo kathi bothi.. bee nathathi...
naththaoo lewakathi"
kiyana eka thamii..
ekata sinhalad demalad kiyala wena sak nee kiyala..sinahala wagema demala salli karoth diha baluwanam one kenkuta therenawa