Monday 23 March 2009

ලෝක ආර්ථික අර්බුදය හා ලංකාව

බොහොම ජනප්‍රිය මාතෘකාවක් අල්ලගත්තතේ. මට මේ ගැන මගේ මතය කියන්න හිතුනේ ඊයේ අහන්න ලැබුනු පණිවුඩයක් නිසා. මගේ ළඟම හිතවතෙක් ලබන සතියේ ලංකාවට එනවා, ඕස්ට්‍රේලියාවේ තමන් රැකියාව කළ ආයතනය වසා දැමීම නිසා. වසා දැමීමට හේතුව එම ආයතනයට වැඩ නැතිවීම. ඔහු පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ ආයතන විශාල ප්‍රමාණයක් මේවන විට වසා දමමින් පවතිනවාලු. එසේම ඒ බොහොමයක් ආයතනවල ලංකාව වැනි පෙරදිග වැසියන් රැකියාව කරනවාලු.

මේ තත්වය මොන ආකාරයට ලංකාවට බලපාවිද?
තොරතුරු තාක්ෂණ අංශයට මොන ආකාරයට බලපාවිද?
අපි මෙම අර්බුදයට මුහුණ දිය යුත්තේ කෙසේද?

ආර්ථිකය හා ලෝක දේශපාලනය සම්බන්ධව ලංකාවේ සිටින බොහොම කීර්තිමත් පුද්ගලයෙක් මීට සති දෙකකට උඩදී 'ලෝක ආර්ථික අර්බුදයට ලංකාව මුහුණදිය යුතු ආකාරය' පිළිබඳව ලිපියක් ලියා තිබුණා. කොටස් දෙකකින් පළවූ ලිපියේ පළමු දිනයේ ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුව ‍බොහොම සරලව පහදා දී, එයට අපි මුහුණදිය යුතු ආකාරය ඊළඟ සතියට කල් තබා තිබුණා. ඊයේ මගේ මිත්‍රයාගේ පණිවුඩය ලැබුණවිට අර ලිපිය මතක් වී අපේ විද්වතාගේ යෝජනා මොනවාද කියා බැලුවා. නැවතවරක් අර්බුදය ඇතිවූ හැටි අග සිට මුලට පහදා දී ලිපිය අවසන් කර තිබුණා.

මෙම අර්බුදය ලංකාවට බලාපාන ආකාරය හා එයින් ඇතිවන නව තත්වයට මුහුණ දිය යුත ආකාරය පිළබඳව අපේ රටේ හොඳ මතවාදයක් ගොඩනැගී නොමැති බවයි මාගේ මතය.

2 comments:

සු said...

ලෝක ආර්ථික අර්බුදයට ලංකාව මුහුණදිය යුතු ආකාරය- me lipiya thiyenen koheda ? eka kiyawana hyaganan puluwanda ?

Anonymous said...

http://www.jvpsrilanka.com/publications.php?link=publications

තරමක් දීර්ඝ විස්තරයක් වුනත් ආර්ථික අර්බුදයේ මූලයන් ගැන ගැඹුරු විග්‍රහයක් ඉහත තියෙනවා.
economic conflict කියන උපශීර්ෂයට ගිහින් බලන්න.
www.revleft.com අඩවියට ගිහින් අදාල මාතාකාව ගැන සොයාබැලීමක්කලහොෝ විස්තරාත්මක තවත් ලියවිලි හොයාගන්න පුලුවන්.මේ එවැනි එක් සටහනක්.

http://www.revleft.com/vb/great-financial-crisis-t103336/index.html?t=103336&highlight=global+economic+crisis