Sunday 26 October 2008

SMS කාව්‍ය සංදේශ

ඊයේ, 2008.10.25 දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' හා සමගාමීව පැවති එම ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය එළි දැක්වීමේ උළෙලේ ආරාධිතයෙකු ලෙස සහභාගි වුනෙමි.
එහිදී මා අත්දුටු කරුණු කිහිපයක් පිළිබඳව මාගේ මත ප්‍රකාශ කිරීමට අදහස් කළෙමි.

මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතව සිටයේ ගරු කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාය. එහෙත් එතුමාට හදිසියේ විදේශ ගතිවීමට සිදුවූ බැවින් එතුමාගේ පුත් උදිත ලොකුබණ්ඩාර මහතා මෙම අවස්ථාවට සහභාගි විය. සාමාන්‍යයෙන් දේශපාලකයින් අතර විරල චරිතයක් වන 'සාහිත්‍යකරුවෙකු' වන විජමු ගේ ‍සාහිත්‍යමය දේශනයක් බලාපොරොත්තුවූ සියළු දෙනාගේ සිත් බිඳවැටී තිබූ මොහොතක විජමු වෙනුවට පැමිණි උදිත ලොකුබණ්ඩාර ඊට නොදෙවෙනි 'කතාවක්' කළේය. එහෙත් එකුන් විසිපස් වියැති මේ තරුණයා තමාගේ කතාව හා තම 'අප්පච්චි' පැමිණියානම් කරන කතාව උපමා කළේ මූසිලගේ හා ගුත්තිලගේ විණා වාදනයන්ටය.

ඒ කෙසේ වුවත් මා මාගේ මතය ප්‍රකාශ කිරීමට අදහස් කළේ එම කතාවේ සඳහන් වූ එක් කරුණක් ගැනය. 'අද තරුණ පරපු‍ර සාහිත්‍යයෙන් ඈත්වූ, කිසිම සාහිත්‍ය නිර්මාණයක් නොකරන්නා වූ පිරිසක් ලෙස හන්වඩු ගැසී ඇතත්, සත්‍ය එය නොවන බව උදිතගේ මතය විය. උදිත ප්‍රකාශ කළේ අද තරුණ පරපුර හොඳ සාහිත්‍ය නිර්මාණ කරන බවත් ගැටළුව වී ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා මාධ්‍ය වෙනස් බැවින් ඒවා ප්‍රකාශයට පත් නොවන බවත්ය. උදිත සඳහන් කළ එක් මාධ්‍යයක් නම් SMS ය.

අද තරුණයන් SMS මගින් හුවමාරු කරගන්නා පණිවුඩ අතර නොයෙක් මට්ටමේ නිර්මාණ ඇති බවත්, එවැනි නිර්මාණ කරන තරුණ පරපුර නිර්මාණ ඌනතාවයකින් පෙලෙනවා යැයි පැවසීම අසාධාරණ බවත් උදිතගේ මතය විය.

එසේ නම් මේ නිර්මාණකරුවන්ගේ හැකියාවන් අදට ගැලපෙන මාධ්‍යයකින් එළිදැක්වීමට අවශ්‍ය පහසුකම් ලබා දීම අද දවසේ ප්‍රමුඛ කාර්යයක් විය යුතු බවයි මාගේ මතය.

මෙම උත්සවයේ තවත් සිද්ධීන් කිහිපයක් ගැන මාගේ මතය ඉදිරියේදී...

2 comments:

Anonymous said...

100% කෙසේ වෙතත් එය යම්තාක් දුරකට සත්‍ය කරුණක්. පොඩ්ඩක් හොයල බලන්න අන්තර්ජාලයේ New Year SMS, Birthday SMS වගේ සෙවුම්පදයක් දීල එවැනි හැම එකකම නැතත් සමහර අඩවි වලින් හොඳ නිර්මාණ එකතුවක් හොයාගන්න පුළුවනි.

Anonymous said...

ම්... අදට... ගැලපෙන මාධ්‍යයක්!

සිංහල බ්ලොග්! :-D