Sunday 12 October 2008

අධ්‍යාපනය 1

අධ්‍යාපනය

"මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව වැඩිම පැමිණිලි විදුහල්පතිවරුන්ට එරෙහිව"
"අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු නිලධාරීන්ට එරෙහිවද පසුගිය මාස 9 තුල පමණක් පැමිණිලි 62ක්"
"මෙම පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමට අදාලවයි."

මේ අද පුවත්පත් වාර්තාවක්!

පාසලට දරුවන් ඇතුල් කිරී‍ම, අතරමග පාසල හැර යාම, ටියුෂන් හෙවත් අමතර පන්ති, 'පහේ ශිෂ්‍යත්ව විභාගය', සාමාන්‍ය පෙල හා උසස් පෙල අසමත්වීමේ ප්‍රතිශතය වැඩිවීම, ගුරු වර්ජන, සිසු විනය පිරිහීම,
දරුවන්ගේ මන්දපෝෂණය, විශ්ව විද්‍යාලවලට අතුලත්වීමේ අවස්ථා අවම වීම, 'රැකියා විරහිත උපාධිධාරීන්' බිහිවීම, මෙවැනි ඉඟිවලින් පැවසෙන්නේ අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් අර්බුදයක් ඇති බවයි.

වරෙක කියවෙන්නේ රටේ සංවර්ධනයට අවශ්‍ය උගතුන් අධ්‍යාපනයෙන් බිහි නොවන බවයි. තවත් වරෙක කියවෙන්නේ බිහිවන උගතුන්ට රැකියා අවස්ථා නොමැති බැවින් ඔවුන්ගෙන් බහුතරයක් රට හැර යන බවයි. කෙසේ හෝ මෙයින් පැහැදිලි වන්නේ අපේ රටේ දියුණුවට නැත්නම් සංවර්ධනයට අවශ්‍යවන අධ්‍යාපනයක් නොමැති බවයි. මේ 'අධ්‍යාපන ගැටළුවේ' එක් පැතිකඩකි.

අනෙක් කාරණය නම්, ඉතා සීග්‍රයෙන් පිරිහෙන සාරධර්මයි. හොරමැරකම්, වංචා, දූෂණ, මිනීමැරීම්, අපයෝජන, වර්ජන, ගර්ජන, රැවටීම් වැනි සමාජයේ ඔඩුදුවගොස් ඇති අනේකවිධ නොපනත්කම් පිටුපසද අධ්‍යාපනයේ අසාර්ථක බව දැඩිව පවතී.

මේ සම්බන්ධව මේවන විටත් ඉතා විශාල ලෙස කතිකාවන් ඇතිවී නැතිවී ගොස් ඇති මුත් හා ඒවයේ ප්‍රතිඵල මත හෝ නොමැතිව වරින් වර ඇතිවූ 'ප්‍රතිසංස්කරණයන්' කිසිවක් ගැටළුවට විසඳුමක් වී නොමැති බව මාගේ මතයයි.

2 comments:

Danishka said...

මට මේ ලගකදි අහන්න ලැබුනා තොරතුරු තාක්‍ෂණ විශය භාර ගුරුතුමාම පාසැලේ පරිගණකවල කැලි ගලවපු කතාවක්.

ඉතින් ගුරා යන මඟ ගෝලයොත් යන්න ඔනා නේද?

Bandula - බන්දුල said...

අනේද කියන්නෙ!
ඔය ගුරුවරු කියන්නෙත් අධ්‍යාපනයේ වැරදි නිර්මාණයක්.