Monday 27 October 2008

බොරු කියන එකාගේ හොඳ

අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. මහනුර ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් එතුමා සමග පැවසූ කතාවක්.
'එක්තරා නරියෙක් ටවුන් එකට ඇවිත්. නගරයේ දියුණුව දැක අමන්දානන්දයට පත් වෙනවා. මෙම දියුණුවට හේතුව ලෙස දකින්නේ ටවුන් එකේ ඉස්කෝල පිහිටා තිබීම. ඉතින් නැවත කැළයට යන නරියා කැළේ සතුන්ට මේ බව පවසනවා. කැලෙත් දියුණුකර ගන්න මූලික අවශ්‍යතාවය වන ඉස්කෝලයක් කැලයේ ඇති කිරීමට කට්ටි එකඟ වෙනවා. ඉස්කෝලයක් තියෙනවානම් සිලබස් එකකුත් අවශ්‍යයිනේ. විෂයමාලා නිර්දේශන කමිටුවක් පත්කරගන්නවා. එක එක සතාගෙන් යෝජනා එනවා. වඳුරා තියනවා ජම්පිං දාන්න ඔනේ. ඒකත් දැම්මා. මාළුවා කියනවා ස්විමිං ඕනේ. ඒකත් දානවා. කුරුල්ලෝ කියනවා ඉගිලෙන හැටි උගන්නන්න ඕනේ. ඒකත් දානවා. හන්ටිං, ෆයිටිං චීටිං, ඔය විදිහට නොයෙක් නොයෙක් දේ දාල සිලබස් එක හදලා 'දියුණුවේ මුල' අධ්‍යාපනේ දෙනවා. වඳුරා පීනන්න ගිහින් ජලසන්නිය හැදිල රෝහලේ. මාළුවා ගස් යන්න ගිහින් දැඩි සත්කාර ඒකකයේ. ඔය විදිහට කැලේ විනාශයි. ලෙඩ ගොඩයි. ඒත් තුන්දෙනෙක් වැඩෙන් ගොඩ!. එක්කෙනෙක් මදුරුවා. ලේ බීල ලේ බීල මෙඩිකල් කොලේජ් එනවා. එතනත් ලේ බීල බීල පස්සෙ චැනල් සේවයක් දාගන්නවා. "රෝග්‍යා පරමා ලාභා". දෙවැනියා කූඩැල්ල. මැන මැන ඉංජිනියරින් ෆැකල්ටියට යනවා. එයා ඉංජිනියර්. තුන්වැන්නා ගෙම්බා. පැන පැන හිටිය නිසා කැම්පස් යන්න බැරි වෙනවා. ඒත් දේශපාලනයට තේරෙනවා. එක කෝටියකට මේ පැත්තට. අනිත් කෝටිට අනිත් පැත්තට. කොහොම හරි නව අධ්‍යාපන සංකල්පයෙන් හරි ගිය කිහිපදෙනෙක් ඉන්නවා.' මේ අධ්‍යාපනයේ තවත් පැත්තක්.

අධ්‍යාපනය පිළිබඳව මාගේ මත මීට ප්‍රථම ඉදිරිපත් කිරීම ඇරඹුවා. ඉදිරියට තවත්!

3 comments:

Anonymous said...

මේ කතාව මගේ බ්ලොගයට උපුටා දමන්ට අවසර ද ?

කරුණාකර මට දන්වන්න. budhajeewa AT gmail DOT com

Dasun Sameera - දසුන් සමීර said...

බන්දුල,
අත්නායක එම් හේරත් මහතාටත් යුනිකේත හඳුන්වා දු‍න්නොත් කොහොමද? ඔහුගේ අදහස් විදේශ ගත සිංහල දූදැරියන්ට පවා කියවීමට හැකිවෙනවා. මේ සඳහා ඔබ සුලුවෙන් ‍හෝ උත්සාහයක් මේවන විටද දක්වා අතිවන්නට පුළුවන්. කියන්න අපි සැවොම බලාසිටින වග ඔහුගේ කියුම් අසන්නට.

Bandula - බන්දුල said...

On going..!