Sunday 26 October 2008

පිරිමි ළමයින් ඕනෑකර තිබේ!

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' ප්‍රධාන
දේශනය පැවැත්වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අත්තනායක එම්. හේරත් මැතිතුමා.
එතුමාගේ දේශනා ශෛලිය ඉතාමත් සිත් ඇදගන්නා සුළුයි. ඒ ආකර්ෂණය ලිඛිත ඉදිරිපත් කිරීමකින්
ලබාගන්න බෑ.
එතුමාගේ කථාවේ එක තැනක කිය වුණා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට මෙවර ඇත්ළුවීමට පැමිණි
ශිෂ්‍ය කණ්ඩායමක සංඛ්‍යාව 1,800 ක් බවත් එයින් 1,600 ක් ගැහැණු ළමයින් බවත්, 83 නමක් ස්වාමීන්
වහන්සේලා බවත්. මෙම තත්වය සැලකිල්ලට ගත යුතු කරුණක් බවයි මාගේ මතය.
මෙයට හේතුව කුමක්ද?
පිරිමි දරුවන් අධයාපනයට යොමු නොවීමේ ප්‍රවනතාවයක් තිබේද? මෙය දිගටම පැවති තත්වයක්ද?
නොඑසේනම් දිනෙන් දින වර්ධනය වන තත්වයක්ද? මේ ගැනත් ටිකක් සිතන්න.
රාජ්‍ය සේවයේද මේ ප්‍රවනතාව මීටත් වඩා ඉහලින් ඇති බව මගේ මතයයි. මීට කලකට ඉහත පිරිමින්
පමණක් සිටි තනතුරුවල පවා අද වන විට බහුතරය කාන්තාවන් වී හමාරයි.
එහෙත් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ තත්වය ඊට ඉඳුරාම වෙනස්. කාන්තා නියෝජනය 0.1% ත්
අඩුයි. මොකක්ද මේ වෙනස?

4 comments:

Anonymous said...

මෙතුමා පැවසුවේ පේරාදෙණිය කලා පීඨයට ඇතුලත් වු සංඛ්‍යාලේඛනයක්. මම නම් ඔය කතාව ඇහුවෙ අමාදහර වැඩසටහනෙදි.
දේශපාලන නියෝජනය වැඩිවේවි කවදාහරි මැර බලය කාන්තා පාර්ශවය අතට මාරු උන දවසක (පවතින ක්‍රමය තුළ) ;)

amal ishantha said...

මම නම් හිත්නනේ කලා විෂයන්ගෙන් සරසවියට ඇතුලත් වූ සිසුන් සෑහෙන සංඛ්‍යාවක් සිටිනවා රැකියා නැතුව. එම නිසා ඇත්තෙන්ම කොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ කලින්ම රැකියාවන් සඳහා යොමු වීම. මොකද සරසවියේ සිටින අවුරුදු 4ක කාලය ඔවුන්ට රැකියාවකව යොමු වුවහොත් සැහෙන්ට ඉදිරියට යෑමට හැකි නිසා.

Anonymous said...

මේ වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ තත්ත්වයත් මීට ලොකු වෙනසක් නෑ. පළමු වසර 73% ක් ගැහැනු ළමයි බව සංඛ්‍යා ලේඛනවල තියෙනවා. ඒත් ඇත්තට ම නම් ඊටත් වැඩියි වගේ.සමහර ‍විට දේශනයකට ගියාම ගැහැනු ළමයි 30කට පිරිමි ළමයි 5ක් විතර තමයි ඉන්නේ.

මේ තත්ත්වය නිසා ඉදිරියේ දී විශ්වවිද්‍යාලවල ගැටුම් ප්‍රශ්න අවම විය හැකි බව යි විද්වතුන්ගේ මතය. (කෙල්ලෝ එච්චර අවුල් දාගන්නේ නෑනෙ)

Pahan said...

කලා පිඨ වල තත්වය එසේ උවද අප ඉගෙන ගන්නා විද්‍යා පීඨ වල තත්වය හාත්පසින්ම වෙනස්ය. සංඛ්‍යා ලේඛන වලට අයිති විය යුත්තේ කලා සිසුන් පමණද?.ලංකාවේ උපාධිධාරීන්ගෙන් වැඩි පිරිස කලාව හදාරන බව දනිමි, එහෙත් නොදන්න මඟුල් කතා නොකර හිටියොත් හොඳයි බක පණ්ඩිතයො. ඉෂාන්ත කිව්වා වගේ "කලා විෂයන්ගෙන් සරසවියට ඇතුලත් වූ සිසුන් සෑහෙන සංඛ්‍යාවක් සිටිනවා රැකියා නැතුව. එම නිසා ඇත්තෙන්ම කොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ කලින්ම රැකියාවන් සඳහා යොමු වීම." තමයි මේකට ඇත්ත හේතුව.