Thursday 23 October 2008

රාජ්‍ය සේවය හා මහජන සේවය

රාජ්‍ය සේවය කියන්නෙ මහජන සේවය නොවේ කියා අමල් පවසා තිබුණා.
ඇත්තටම රාජ්‍ය සේවය කියන්නේ මහජන සේවය නෙමේ. අපේ රටේ රාජ්‍ය සේවය බිහි වුනේ 'සුද්දාගේ' අවශ්‍යතා ඉටුකරගැනීමට. දැන් ශේෂව පවතින්නේ ඒ රාජ්‍ය සේවයේ ගුණාංගම තමා. අනිත් අතට රාජ්‍ය සේවයෙන් වැඩිපුරම සිද්ද වෙන්නේ රාජ්‍ය සේවක කළමනාකරණ කටයුතු. ඉතින් මහජන සේවා සපයන්නේ කොහොමද? මගේරාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය. සටහනේ මේ සම්බන්ධව කරුණු දක්වා තිබෙනවා.
"........ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.
කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය. මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය. ...."

වැදගත්ම දෙය මෙම තත්වය හෙලා දකිමින් මත ප්‍රකාශ කිරීම ඉක්මවා ගිය වගකිමක් අප සතුව තිබීමයි.
ඒ සඳහා හොඳ පෙල ගැස්මක් ගොඩනැගිය යුතු බවයි මාගේ මතය.

4 comments:

Sarathg said...

අපි තවම සුද්දට බැන බැන ඉන්නව මිසක් වැඩක් කරන්නෙ නැහැ. අපේ මනස 'ආන්ඩුව' කියන්නෙ අපේ දෙයක් නොවන විදියටයි යොමු වෙලා තියෙන්නෙ. නිදහස ලැබිල දැන් අවුරුදු 60ක්. අපිත් එක්ක නිදහස ලත් ඉන්දියාව අපිට වඩා ගව් ගනනක් ඉදිරියෙන්. අපට කවදවත් නියම නායකයෙක් ලැබුනෙ නැහැ. ආපු ඔක්කොම රට කෑවා.මේ සංකල්පය වෙනස් වෙනකම් අපි මෙහෙමම තමයි. අපේ රජයේ බඩු වලට 'මේ අපේ දේ' කියල හැඟීමක් නැහැ. ඉතින් කොහොමද කරන්නෙ?

මේ ප්‍රශ්නෙ විසඳෙන කල් අපි ඔහොමම තමයි. අපේ කැබිනට් එකේ සයිස් එක් පේනනෙ නැද්ද? අනේ අපොයි!!!

Homo Erectus said...

අප කළ යුතු එක දෙයකුත් මෙයට එක්කරන්න.
එය කියවන අයට යම් රුකුලක් වේවි හිතන්න.
ඉන්දියාවේත් ඔය කියන දියුනුව නිකම්ම බහල වුණේ නෑ. ඔබ කියන්නා සේ එහේ නිවැරදි නායකත්වයක් තිබුණා. අපේ රටේත් අනාගතයේවත් නිවැරදි නායකත්වයක් බිහිවීමට අවශ්‍ය පසුබිමවත් සැතසිය යුතුයි, අපි. ඒනිසා මෙවැනි දේ කියවන අනාගතයේ නායකත්වයට පෙල ගැසෙන දරුවන්ගේ හදවතට දැනෙන යමක් ලියා තබන්න උත්සාහ කරන්න.

සරත් ගුණතුංග said...

මේක මහ දිග කතාවක්. මට හිතෙන හැටියට අත්‍යාවශ්‍ය කරුණ තමයි නායකත්වය. 50% ප්‍රශ්නය එතකොට විසඳිලා. සෘජු නායකත්වයක් තියෙන කොට තමයි අනෙක් අය සහයෝගය දක්වන්නෙ. නැත්නම් ඉතින් 'මර්වින් සිල්වා' තමයි .ඉන්දියවෙ ගාන්ධි තුමා නිරායුදව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දන ගැස්සුව. අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙන් ගිය නිසා ලංකාවෙනුත් යන්න වුනා. ඒක මතක තියා ගන්න. ලේ හැලුනෙ ඉන්දියානුවන්ගෙ. අපේ නෙවෙයි. අපිට නිදහස රිදී බන්දෙසියක තියල ඇල්ලුව. සටන් කලේ, ලේ හැලුනෙ අපේ නෙවේ. ඒ නිසා අපට ගනනක් නැහැ.ගාන්ධි තුමා ඉස්සෙල්ල ඉන්දියවෙ තියෙන ප්‍රශ්න අවබෝද කරගත්ත, ඊට පස්සෙ එකෙන් එක ඇදල අරගෙන සුද්ද එක්ක වාද කරා. වාදෙන්ම සුද්දට යන්න කිව්වා. සුද්දා අඬ අඬ ගියා. 1948 අපි හිටියෙ ඉන්දියාවට ඉස්සරහින්. මැලේසියවට, සිංගප්පූරුවට, ඉස්සරහින්. අද?? අපට අවශ්‍ය ගෞරවණීය නායකත්වයක්. එතැනින් තම්යි පටන් ගන්න ඕන.

Bandula - බන්දුල said...

සම්පූර්ණ ඇත්ත.
රාජ්‍ය සේවය ගැන කියන නිසා පොඩ්ඩකට දේශපාලන නායකත්වය පැත්තකින් තියමුකො.
මම කියන්නම් මොඳ අත්දැකීමක්.
මාගේ කාර්යාලයට සමීප කාර්යාලයක වසර ගණනාවත් ප්‍රධානියා ලෙස එක්තරා නිලධාරිනියක් සේවය කළා. වසර 60 පසු වෙලා තවත කාලයක් කොන්ත්‍රාත් පදනමිනුත් තවත් කාලයක් සිටියා. මේ කාලය තුල මෙම කාර්යාලයෙන් සේවය ලබාගන්න ආව සෑම කෙනෙක්ම පාහේ දැඩි පීඩාවකින් තමා පිටව ගියේ. එහි සේවය කළ සෑම දෙනෙකුම පාහේ කොටියෙකුට කොටු වූ මුව රැලක් වාගේ රාජකාරී කාලය තුල සිටියේ.
මීට මාස 3-4ට පෙර එම ආයතනයේ නායකත්වය වෙනස් වුණා. මොහොතින් මොහත පියවරෙන් පියවර එම ආයතනයේ හැඩරුව පවා වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් එම ආයතනය ඉතාමත් දැකුම්තළු ස්ථානයක්. එහි අදටත් සිටින්නේ අර සේවත මණ්ඩලයමයි. එහෙත් අද ඒ සෑම දෙනාගේම පාහේ මුහුණු හරිම ප්‍රබෝධමත්. වෙනස් වුණේ නායකත්වය පමණයි.
සරත්, මම ඔබ සමග 100%ක්ම එකඟයි.
හෝමෝ ඉරෙක්ටස් හොඳ ඉල්ලීමක් කරල තියෙන්නේ. ඒ කියන්නා වාගේ අපි පොඩි කතිකාවක් ගොඩ නගමු.