Wednesday 8 October 2008

රාජ්‍ය සේවය, පරිගනකය, අන්තර්ජාලය හා සිංහල

නොයෙක් දේවල් ගැන මගේ මතය ප්‍රකාශ කරන්න ඕනෑකම තිබුනා.
ඒත්, මේ දිනවල පවතින අධික රාජකාරී තදබදය නිසා නිදහසේ ලියන්න වෙලාව මදි!
රාජ්‍ය ආයතනවල පරිගනක හා අන්තර්ජාලය භාවිතය සඳහා සිංහල යොදාගැනීම ප්‍රවර්ධනය කළ යුතු බවයි මගේ මතය. ඒනිසා කිය කියා ඉන්නෙ නැතුව වැඩේ පටන් ගත්තා, ගිය සතියේ. දැනට ආයතන 4ක කළා.
ඒ වැඩසටහන්වලදී ලැබනු අත්දැකීමක් ගැන මගේ මතය කියන්නයි මේ ලියන්න පටන් ගත්තේ.

මේ ආයතනවල පරිගනක කිහිපයක් තිබෙනවා. එහෙත් ඒවා භාවිතා කිරීමේ අවස්ථාව හැම දෙනාටම නෑ.
ඇයි එහෙම නීති දාල තියෙන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි. අන්තරජාලය ගැන තත්වයත් එමමයි. සමහර ආයතනවල එක පුද්ගලයටයි අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව දීල තියෙන්නෙ. මේ තත්වය වහා වෙනස්විය යුතුයි කියන එකයි මගේ මතය. කාර්යාලයේ සියළුම දෙනා පරිගනක භාවිතා කිරීම ගැටළුවක්ද? නිලධාරින්/සේවකයින් අන්තර්ජාලය භාවිතා කිරීම රාජකාරී වලට බධාවක්ද?

සිංහල දෙන්න කලින් මේ ගැටළුව විසඳාගත යුතුයි කියල හිතෙනවා.

8 comments:

Anonymous said...

telephone wala paya ganan ellila indagena, rajakari wada athapasu karana raajya sewakayanta internet dummana, nikan wandurata dali pihi dunna wage thiyei

said...

පරිඝනක භාවිතයට දීම නෙමෙයි ගැටළුව භාවිතය පාලනය කිරීම. ඊට වඩා භාවිතයට නොදීම ඉන්න එක හොඳයි කියල හිතෙනවා ඇති. අපේ අය කන්න බොන්න ගියත් නිකන් නම් හම්බ වෙන්නේ බදාගෙන කනව බොනවනේ

ච.ගු said...

සමහර ප්‍රාදේශීය කාර්‍‍යාලවල තියෙන එකම පරිඝණකයත් ඉටි කොලයක් එහෙම දාල මැස්සෙක් වත් වාඩිවෙන්න දෙන්නෙ නැතුව ලොක්කගෙ කාමරයෙනෙ තියෙන්නෙ.

නිලන්ත පියසිරි said...

චන්දිම, ඒකට කියන්නේ computer security කියලා.

Bandula - බන්දුල said...

මහසෝන කියන විදිහට දැලිපිහිය නොදී හිටියොත් රාජ්‍ය සේවකයා හැමදාමත් වඳුර වගේ ඉඳීවි.

Bandula - බන්දුල said...

'මරණය' හරි,
ඒත් ප්‍රශ්ණය තියෙන්නේ 'පාලනය' කිරීමට තරම්වත් ශක්තිමත් යාන්ත්‍රණයක්වත් රාජ්‍ය සේවයට තියෙනවද කියන එකයි.
'මරණය' කියන ඊළඟ කොටසේ තියෙනවා පොඩි පිළියමක්. බදාගෙන කෑවත් කන්න පුළුවන් බඩ ඉඩ තියෙනකම් (කෑමලයෙක්ටනම් තව ටිකකුත් එක්ක) විතරනෙ.
සෑම රාජ්‍ය සේවකයෙකුගේම මේසයට දුරකථනයක් හා පරිගනකයක් ලැබුනොත් 'බදාගෙන කෑවත්' ටික දවසයි.

Bandula - බන්දුල said...

චන්දිම, නිලන්ත,
ප්‍රාදේශීය කාර්යාලවල පමණක් නොවේ, 'හෙඩ් ඔෆීස්'වලත් තත්වය ඕකම තමා.
සමහර කාර්යාලවල පරිගනක වෙනම කාමරයකට දාල, ඇතුලට යනකොට බලනවා (සෙම්ප්‍රතිශ්‍යාව වැනි) වෛරස් ලෙඩ තියෙනවද කියලත්!

amal ishantha said...

ඒ වගෙම තමා සමහර ආයතන වල නිළධාරීන් පරිගනකයෙන් වැඩ කිරීමට සෑහෙන්න බයකුත් දක්වනවා. කොහොම පහසුකම් ලබා දුන්නත් රාජ්‍ය සේවය ඉතින් රාජ්‍ය සේවයම තමා කවදාවත් මහජන සේවයක් වන්නේ නැහැ