Thursday 16 October 2008

රාජ්‍ය සේවය, පරිගනකය, අන්තර්ජාලය හා සිංහල 2

'පරිගනකය, අන්තර්ජාලය හා සිංහල' මාතෘකාව යටතේ රජයේ කාර්යාල සේවකයින්ට සිංහල යුනිකේත, ‍සිංහල ෆයර්ෆොක්ස්, නිදහස් මෘදුකාංග හා බ්ලොග් සම්බන්ධව පවත්වාගෙන යන වැඩසටහන් මාලාවේ තවත් වැඩමුළු කිහිපයකින් ලැබූ අත්දැකීම් නිසා, රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණය ගැන මගේ මතය තව දුරටත් කියන්න හිතුවා.
මේ සම්බන්ධව මාගේ පළමු සටහ‍නේ මම මෙලෙස සඳහන් කළා.

"මේ ආයතනවල පරිගනක කිහිපයක් තිබෙනවා. එහෙත් ඒවා භාවිතා කිරීමේ අවස්ථාව හැම දෙනාටම නෑ. ඇයි එහෙම නීති දාල තියෙන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි. අන්තරජාලය ගැන තත්වයත් එමමයි. සමහර ආයතනවල එක පුද්ගලයටයි අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව දීල තියෙන්නෙ."

මෙවැනි ආයතනවල ප්‍රධානීන්ගේ 'තොරතුරු තාක්ෂණ' දැනුමේ ප්‍රමාණය මෙම අවාසනාවන්ත තත්වයට මූලිකම හේතුව ලෙසයි මම අනුමාන කරන්නේ.
සමහර ප්‍රධානීන් (අර මහසෝනා කියනවා වගේ) හිතන්නෙ තමන්ගේ යටත් නිලධාරීන්ට, සේවකයින්ට පරිගණකය, අන්තර්ජාලය භාවිතා කරන්න දුන්නොත් 'වඳුරට දැලිපිහිය දුන්න' වගේ තියේවි කියල.
සමහර ප්‍රධානීන් හිතනවා 'මේ පරණ මිනිස්සුන්ට මේව දීල වැඩක් නෑ. අළුතෙන් කට්ටියක් ආවහමම/ගත්තහම ඒ අයට පරිගනක එහෙම දීලා නි‍යමෙට වැඩේ කරනවා' කියල.
තවත් ප්‍රධානීන් කොට්ඨාශයක් හිතනවා 'මුන් මේවායෙන් වැඩ කරන්න ඉගෙන ගත්තහම අපි නිකන් සෙකන්ඩ් වෙනවා. ඒනිසා මටත් බැරි එක උන්ටත් ඔනෙ නෑ' කියල.

මේ විදිහට මේ ප්‍රධානීන්ගේ 'රාජකාරී රෝග' ලංකාව් තොරතුරු තාක්ෂණයේ ඉදිරි ගමනට තදින් බලප‍ානවා.
එබැවින් ලංකාව් තොරතුරු තාක්ෂණයේ වගකිවයුක්තන් මේ සම්බන්ධව ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන්න මාගේ මතයයි.

1 comment:

Bandula - බන්දුල said...

අමල් ඉෂාන්ත said...

ඒ වගෙම තමා සමහර ආයතන වල නිළධාරීන් පරිගනකයෙන් වැඩ කිරීමට සෑහෙන්න බයකුත් දක්වනවා. කොහොම පහසුකම් ලබා දුන්නත් රාජ්‍ය සේවය ඉතින් රාජ්‍ය සේවයම තමා කවදාවත් මහජන සේවයක් වන්නේ නැහැ
(අමල් "රාජ්‍ය සේවය, පරිගනකය, අන්තර්ජාලය හා සිංහල" පළමු සටහනට යොදපු කමෙන්ට් එක)
මේක දුටුවිට රාජ්‍ය සේවය හා මහජන සේවය ගැන සටහනක් ලියන්න හිතුනා