Monday 22 September 2008

පරිගනකය හා සිංහල

රාජ්‍ය ආයතනවල පරිගනක සඳහා සිංහල හා වෛරස් නිවාරන මෘදුකාංග බලාගැනීම ගැන සටහන් කරන්න හිතුනා.
ඉතා විශාල වියදමක් දරමින් තවමත් බොහෝ රජ්‍ය ආයතන ලබාගන්නේ සිංහල යුනිකේත සහය නොදක්වන සිංහල මෘදුකාංග. අති බහුතරයක් තැන්වල (LGN වල පවා) වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බැවින් වෛරස් නිවාරන මෘදුකාංග සඳහාද විශාල මිලක් දරනවා. (LGN වල සෝපෝස් තියෙනවා). වියදමටත් වඩා ප්‍රශ්නය එක ආයතනයක් තුල වෙන වෙන පරිගනකවලට වෙන වෙන වර්ගවල මෘදුකාංග යොදාගෙන විදින වදය.
සිංහල යුනිකේත හා නිදහස් මෙහෙයුම් පද්ධති හොඳම විසඳුම නොවේද? ඇයි ඒ තැනට යන්නේ නැත්තේ, හැමෝම එකමුතුව.

5 comments:

Anonymous said...

නිදහස් මෙහෙයුම් පද්ධති වලට යන එක හොඳම විසඳුම බව ඇත්ත. මම උබුන්ටු සීඩී එක ගෙන්වා ගත්තත් එයට අවශ්‍ය Driver Softwares සොයා ගැනීමට නොහැකිවීම ප්‍රශ්නයක්.බොහොමයක් දෘඩාංග සමාගම් ලිනක්ස් හෝ උබුන්ටු වලට හරියන Drivers දෙන්නෙ නෑ.

SankaSoft Audio Video Productions said...

ඔබගේ අදහස මා ඉතා අගය කොට සලකනවා. දැන් බළන්ගොඩ නගර සභාව නිදහස් විවෘත මෘදුකාංග භාවිතයට උත්සහ කරනවා.එසේම ප්‍රදේශය තුල ජනතාවට නිදහස් මෘදුකාංග හදුන්වා දීමට සුදානමක් තිබෙනවා. වැඩි විස්තර ලගදීම නගර සභා බ්ලොග් අඩවියෙන් ඉදිරිපත් කිරීමට සුදානම්. දැනටමත් බළන්ගොඩ නගර සභාව සිංහල යුනිකෝඩ් භාවිතා කරනවා. පාසැල් සිසුන් සදහා සිංහල යුනිකෝඩ් හා ලිනක්ස් ගැන දේශන වැඩමුඵ පවත්වනවා. තොරතුරු තාක්ෂණය දියුණු කරන්න e-balangoda නමින් (ලංකාවේ පළමු වරට පාලාත් පාලන ආයතනයක් විසින් ක්‍රියාත්මක කරන) තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතියක් අපි දියන් කර තිබෙනවා.

Anandawardhana said...

සිංහල යුනිකේත සම්බන්ධයෙන් නම් ජනාධිපති චක්‍රලේඛයක් නිකුත් වුනේ මීට වසර දෙකකට පමන පෙර. එයට අනුව සියලු රාජ්‍ය ආයතන පරිගනක තුල සිංහල යුනිකේත භාවිත කල යුතුයි :D

වැඩි විස්තර මෙතන බලන්න
http://www.siyabas.lk/sinhala_unicode_gov_usage


ඒත් ඉතින් වැඩේ කෙරන්නෙ ආන්ඩුවේ කාර්යාලවල වේගයට අනුව තමයි.

Anandawardhana said...

සමාවෙන්න. වසර දෙකක් නෙමේ ඇත්තටම 2007 මාර්තු වල එය නිකුත් වෙලා තියෙන්නෙ. ඒත් ඉතිත් තාමත් බොහෝ තැන්වල වෙන වෙන ඒවා තමයි භාවිතය.

Bandula - බන්දුල said...

චරිත මොනවද හොයාගන්න බැරිවුනු Drivers?