Wednesday 17 September 2008

තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය!

ආයුබෝවන්ඩ!
මේ දවස්වල නගරයේ තාප්පයක් තාප්පයක් පුරා තියෙන්නෙ "රාජ්‍ය සේවය පිණිසයි!"
ඒ මොබිටෙල් ජංගම දුරකථන "උපහාරය".
ඇත්තටම රාජ්‍ය සේවය කියන්නෙ මොකක්ද?
State Service.
එතකොට public Service කියන්නෙ?
මහජන සේවයද?
public කියන්නෙ පොදු.
State කියන්නෙ රාජ්‍ය, නැත්නම් රාජකීය.
කොහොම උනත් අද තියෙන මේ රාජ්‍ය සේවය හඳුන්වන්න හොඳම යෙදීම,
"මහජන සේවය" විය යුතුයි.
ලංකාව වැනි යටත් විජිතවූ රටවල,
යටත් විජිත පාලකයින්ගේ වුවමනාවන් ඉටුකරගැනීම සඳහා ඇති කළ යාන්ත්‍රනය
අද වන විටත් ඒ ආකාරයටම පවතිනවා.
නමුත් ඒ යටත් විජිත පාලනයක් නෙමේ අද තියෙන්නෙ.
තමන්ගේ කටයුතු යම් සම්මතයකට අනුව සිදුකර ගැනීම සඳහා
තමන් වෙනුවට තමන්ගේ නියෝජිතයෙක්ව පත්කරගෙන,
තමන්ට අවශ්‍ය විදිහට, තමන්ගේ කටයුතු කරගන්නා
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අද තියෙන්නේ.
ඒ කියන්නෙ 'රාජ්‍ය' නැත්නම් 'රාජකීය' නෙමේ.
'පොදු'. Public Service.
ඇත්තටම අද තියෙන්නේ පොදු සේවාවක්ද?
එයින් සේවා ලාභියගේ අවශ්‍යතාවන් ඉටු වෙනවාද?
කවුද සේවා ලාභියා?
යටත් විජිත යුගයේ රාජ්‍ය සේවකයාගේ සේවාව ලැබුවේ රජය.
නැත්නම් යටත් විජිත පාලකයින්.
අද 'පොදු සේවකයාගේ' සේවා‍ව ලබන්නා විය යුත්තේ මහජනතාව.
එහෙත් සිදුවන්නේ එයද?
අන්තර්ගතයේ පමණක් සුළු සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුවූ
අවුරුදු 200ක් පමණ සිට ස්ථාවරව පවත්වාගෙන එන ලංකාවේ
රාජ්‍ය සේවය අදටත් යල්පැනගිය,
'පරයන්ගේ වැඩක් කරනවා' යන හැඟීමමත පවත්වාගෙන යන 'රැකියාවක්' පමණි.
'තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය' ගැන හෙට බලමු.

සුභ දවසක්!

2 comments:

Wasantha Deshapriya said...

රාජ්‍ය සේවකයකු රාජ්‍ය සේවය ගැන ලියන බ්ලොග් සටහනක් දැකීමත් එයට ප්‍රතිචාර දැක්වීමට ලැබීමත් සතුටක්!
ඇත්ත! අපේ රාජ්‍ය සේවයෙන් වැඩි කොටසක්ම තනිවයි වැ‎ඩ කරන්නේ. ඒක අපට යටත් විජිත වාදීන්ගෙන් ලැබිලා අපත් ඒ විදියට ම කරනවා. ලෝකෙන් වැඩි කොටසක් පරිපාලන ප්‍රතිසංස්කරණ මගිනුත් එය ක්‍රියාත්මක කරන්න ගන්න මෙවලම වන තො. හා ස. තාක්‍ෂණය මගිනුත් මේ ක්‍රමය වෙනස් කරන ගමනක යනවා. ඒ අළුත් රාජ්‍යය “සම්බන්ධිත රාජ්‍ය”, “ඒකාබද්ධ රාජ්‍ය” ((Connected Government, Joined-up Government) යන නම්වලින් හඳුන්වනවා. අපි පටන් ගත්ත රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩ සටහන උත්සාහ දරන්නෙත් මෙය ඉටු කරන්නයි. මෙහි මූලික ම ලක්ෂණයක් නම් පුරවැසියන් ට තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා “තනි කවුළුවක්” (single window) සංකල්පය ක්‍රියාත්මක කිරීම යි. මෙය දුර ගමනක්!
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය-1919 (www.gic.gov.lk) මේ සඳහා සැදූ මූලික ආදර්ශයක්!
මේ ගැන කතිකාවකත් තේරෙන භාෂාවෙන් ඇරඹීම ඉතා හොඳ දෙයක්!
“මහා පා ගමන”ත් පටන් ගත්තෙ එක එක අඩිය තියලයි! අඳුරේ සිටිනවා ට වඩා එක් පහනක් හෝ දැල්වීමත් මාලුවෙකු වෙනුවට පිත්ත හා මාලු බෑමේ තාක්‍ෂණය ලබා දීමයි අපේ ක්‍රම වේදය! හැකි උපරිම උත්සාහය දැරීම යි අපේ ආදර්ශ පාඨය!
මේ පිළිබඳ ව ඇති ඔබේ උනන්දුවට මගේ ප්‍රණාමය!
මේ ගැන තව කතා කරමු!
වසන්ත දේශප්‍රිය

Unknown said...

රාජ්‍ය සේවය හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ කිරීම මගින් ඉබි ගමනින් ගමන් කරන ශ්‍රී ලාංකීය රාජ්‍ය සේවය එක් පිහවරකින් හෝ ඉදිරියට තල්ලු කාරීමට දරන උත්සාහයට හෘදයංගම ස්තුතිය පලකරන අතර මෙම කටයුතු තවදුරටත් කිරීමට ශක්තිය අධිෂ්ඨානය පතමු.

සෙනෙවිරත්න