එක්කෙනා එක්කෙනා එක දෙයක් ගැන වෙන වෙනස් විදිහට හිතන ලෝකේ මට හිතෙන හැටිත් ලියල තියන්න හිතුනා. ඒ මගේ මතය. මගේ මතය ගැන ඔබේ මතය මට කියන්න.
Saturday, 10 November 2012
ගෝලයාගේ වග...!
ඔබ ඔබගේ ගෝලයාව, ඔබගේ අමුත්තෙක්ට හඳුන්වා දෙන්නේ කෙසේද?
ඔබ බලාපොරොත්තු වන්නේ 'ඉහල තැනක්නම්', ඔබ ඔබේ ගෝලයාව ඉහලින් තබා, අවංකවම අගය කර, හඳුන්වා දෙන්න. ගෝලයාගේ හැකියාවන් පැහැදිලිව ප්‍රකාරශ කර, එය අගය කරන්න. ඔයුට දීමට හැකි ඉහලම තැන ලබා දෙන්න. ඔහුගේ හැකියාවන් හෝ ඔහු ලබා තිබෙන තත්වයන් ගැන කිසිවිටකත් නොසැලකිල්ලෙන් කතා නොකරන්න. ඔහුව ඉහලින් තබන්න. එවිට ඔබේ තත්වය වඩාත් ඉහලට එසවෙනු ඇත. කිමද ඒ ඔබගේ ගෝලයා නිසාය. ඔබ ගෝලයාට වඩා ඉහලින් සිටින නිසාය.
සටහන:
මෙහි 'ගෝලයා යන්නට, ඔබට දෙවන වන ඕනෑම කෙනෙක්ව ආදේශ කර ගත හැකිය/යුතුය.
Subscribe to:
Post Comments (Atom)
4 comments:
දවසක් අපේ ගාමිණී සමරකෝනුත් කිව්වා අපි කරන හොඳ වැඩ වල ප්‍රතිඵලය සීයට බර ගානක් භුක්ති විඳින්නෙ බොසාලු. හුඟක් මෝඩ බොසාලා ඒක දන්නෙ නෑයි කියලා.
මේක මල් මසුරන් අදහසක් බන්දු.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හිතවත් හෙන්ඩ්රි,
ඔබ විශිෂ්ඨ නායකයා වන්නේ එවිටයි..!
ඕක මම වරක් කෙනෙක්ට තෙරුම් කළා. :)
ඔව් ඩනිස්ක,
ඊයේ මට, මගේ මිත්‍රයෙක් තමන්ගේ ගෝලයව හඳුන්වා දුන්න වෙලාවේ තමා මට මේ දේ හිතුනේ. ඇත්තටම මට මේ පුද්ගලයා 'මගේ මිත්‍රයෙක්' වුණේ එයාගේ ගෝලයාගේම දස්කමක් නිසාමයි. ගෝලයාගේ සුපිරි වැඩක් නිසාමයි මට මේ 'මිත්‍රයා' මුණ ගැහුණේ. ඒත් 'මිත්‍රයා' ගෝලයාව හඳුන්වා දුන්නේ 'ගෝලයාටත් දවසක මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණොත් හොඳා' වගේ අදහසක් දෙමින්.
මගේ 'මිත්‍රයා' කෙසේ වෙතත් 'ගෝලයා' මේ පිටුව දකිනා බව දන්න නිසා මෙහෙම ලියන්න හිතුනා.
Post a Comment