Thursday, 4 October 2012

කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද?

කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද? එසේනම් ඔහු සිටින්නේ ඔබේ දෙපා ළඟය. බලන්න ....... ඔබ සිටින්නේ දෙපයින් සිට ගෙනද? ඔබ දෙපයින් සිටගෙනනම්..., කකුලෙන් අදින්නා; ඔබේ ප්‍රධානියා වුවත් ... ඔහු සිටින්නේ ඔබේ දෙපා මුල ඇද වැටීය. සතුටු වන්න..! දැන් ඔබට විකල්ප දෙකකි. 1. ඔහුවත් නැගිටුවන්න - එවිට ඔහු ඔබේ දෙපයින් ඈත් වේවි! සැම විටම ඔහුටත් දෙපයින් නැගී සිටීම උදව් කරන්න; එවිට කිසි දිනක ඔහු ඔබගේ කකුලට ළං නොවනු ඇත. එසේ කිරීමට නොහැකිම නම්; 2. ඔහුගේ අතේ දුරින් ඈත් වන්න - එනම් තව පියවරක් ඉහලට යන්න! ප්‍රවේශම් වන්න; එතැනද තවත් ඇද වැටුනු අයෙක් සිටීමට හැකිය! බලන්න ....... ඔබ සිටින්නේ බිම ඇද වැටීද? නැවතත් ඔබට විකල්ප තුනකි. 1. වහා දෙපයින් නැගී සිටින්න; එවිට දෙකක් සිදු විය හැකිය. එනම්, i. ඔහු ඔබගේ කකුල අතහැර දමනු ඇත. නැත්නම්, ii. ඔහු ඇද වැටීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න. ඉහත විකල්පයකට යන්න. 2. ඔහුට අසුවී ඇති ඔබගේ සපත්තුව හෝ කලිසම ඔහුට දී ඔබ ඉවත් වන්න; එය වඩාත් වටින්නේ ඔහුටය. එසේ කිරීමට නොහැකිම නම්; 3. ඔහු ඔබව ඇදගෙන යන තැනට ඔහු සමගම යන්න ඔහු සමග එකඟ වන්න! ඔබටත් ඇවිදගෙන යන්නට හැකි නිසා ඔබව ඇදගෙන යාමට ඔහු වෙහෙස විය නොමැති බව වටහා දෙන්න.

13 comments:

Indralal Nagasinha said...

well said!!!
two thumbs up!!!

Indralal Nagasinha said...
This comment has been removed by a blog administrator.
හිරුහිමාවී said...

ලිපි නම් ලිපි ..මෙන්න ලිපි.
ජයම වේවා! හොඳ ලියවිල්ලක්.

රවින් යසිත said...

පට්ටයි ආහ් !!!!!

Pathum Herath said...

හොඳ අවවාදයක්..!!! මට හිතෙනවා කවුරුවත් කවදාවත් මගේ කකුලෙන් නොඅඳින විදියට සිටිමින් රස්සාව කරන්න ඉගෙන ගන්න.. පුළුවන් වෙයි ද?

දයානන්ද රත්නායක said...

කොහෙන්ද මේ අදහස ගොනු කර ගත්තේ කාලයට ගැලපෙන අපූරු අදහසක්. කෙටියෙන් වුණත් ඉතාම වැදගත්.

කාලෙකට පස්සෙ ආයෙ ලියන්න ගත්ත එක සතුටුයි.

Bandula - බන්දුල said...

@Indralal, Thank you very much dear Dr.

@හිරුහිමාවි & රවින්, බොහොමත්ම ස්තුතියි!

@ පැතුම්, ස්තුතියි පැතුම්! ඒත් ඔබේ පැතුම එසේම ඉටු වේවා කියල පතන්නනම් මම කැමති නෑ; කරුණු දෙකක් නිසා. 1. ඔබ කිසියම් හෝ පියවරක් ඉහලට ගියොත් ඔබේ කකුලේ සීමාවට වැටෙන අය නැති වෙන්න බැරි නිසා. 2. කිසිම කෙනෙක් කිසිම දවසක කකුලෙන් අදින විදිහ කියන්නෙ, ඔබ දෙපයින් ඇද වැටී සිටිනවා වගේ; කිසි කෙනෙක්ට උනන්දුවක් නෑ ඔබ ගැන. ඔබට එසේ වෙන්න කියල පතන්න මම කැමති නෑ.

@ රත්නායක, මේ අදහස ගොනු වුණේ හරි අපූරු විදිහකට! පසුගිය දිනක මාගේ ව්‍යාපෘතියක නියමු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් කැඳෙව්වා ප්‍රගති සමාලෝචනයකට. ඒ එක් අයෙක්ගේ ප්‍රගතිය සෑහීමකට පත් විය හැකි මට්ටමේ තිබුණේ නෑ. එසේ වීමට හේතු විදිහට ඉදිරිපත් කළ කිසිත් මට පිළිගන්න පුළුවන් මට්ටමේ තිබුණේ නෑ. මට දැනුනා මේ පුද්ගලයාට ලොකු ප්‍රශ්නයක් තියෙන බව. විවේක වෙලාවේ මම ඔහුව තනි කරල, (ප්‍රශ්නයක් තියෙනවාද, ප්‍රශ්නය මොකක්ද කියල අහන්නේ නැතිව) කෙලින්ම ඇහුව මොන වගේ උදව්වක්ද මගෙන් ඕනෙ කියල. සර්ට .... මොනව හරි කිව්වද, සර් කොහොමද දන්නේ මට .......... ගෙන් කරදර තියෙනවා කියල ඔහු මගෙන් ඇසුව. ඒ වෙලාවේ මම එයාට දුන්න අවවාදය තමා ඔය. මට හිතුනා තවත් බොහෝ දෙනෙක්ට මේ දර්ශනය ප්‍රයෝජනවත් වෙයි කියල. ඒ නිසා කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩ වුණා.

Ranjan Nishantha said...

මේව ලියනවට වෙනම සම්මාන දෙන්න වටිනව.. නියමයි

Bandula - බන්දුල said...

@ රංජන්. ආ.. සම්+මාන ද?

Kapila Jayaratne said...

Good advice. I will try to follow.

Bandula - බන්දුල said...

@Kapila, please do dear Dr.

Dude said...

මේක නම් කකුලෙන් ඇදීම පිළිබඳව මම කියවපු හොඳම සටහනක් සහ උපදේශයක්!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

Bandula - බන්දුල said...

@හෙන්ඩ්‍රි, බොහොමත්ම ස්තුතියි! අගය කිරීම සම්බන්ධව.