Monday 22 March 2010

බෞද්ධ දරුවන්ට දහම් පාසල් මොකටද?

අද දහම් පාසල් දවසනෙ. උදේම ගියා පොඩි කට්ටිය අරගෙන දහම් පාසලට. අද පන්සලක් නෑ. එතනත් පාසලක්. ගේට්ටුව අවට වාහන 75ත් 100ත් අතර සංඛ්‍යාවක් තිබුණා. 'දහම්පාසල් බස්රථ' තුනකුත් තිබුණා. ගේට්ටුව ළඟ ශිෂ්‍ය නායක අයිල දෙන්නයි, අක්කල දෙන්නයි. 'නිල ඇඳුම', 'බැජ් එක' පරීක්ෂා කරනවා. "මල්ලිගේ කොණ්ඩේ වැඩියි" එක අයියා කෙනෙක් අපේ පුතාට කිව්වා. "එයත් ප්‍රිෆෙට්" අනෙක් අයියා කිව්වා. මල්ලිත් හිනා උණා මිසක් මොකුත් කිව්වෙ නෑ. ප්‍රශ්නෙ දුර දිග ගියෙත් නෑ. ඇතළට යන්න බෑ දෙමාපියන්ට. යන්න තහනම් නෙමේ වෙන්න ඕනෙ. අර පාසලේ වගේ කියල හිතාගෙන යන්නෙ නෑ වගේ. කොහොමත් 20ක් 30ක් ගේට්ටුව අවට ඉන්නවා.
මට හැමුදුරුවෝ බැහැදකින්න ඕනෙ. ඉතින් මම ඇතුළට ගියා. බාධාවක් වුනේ නෑ. ඇතුළට යද්දි මෙන්න පොත් 'සල්පිලක්'. ඩෙස් බංකු රාක්ක පුරෝල පොත්. "ආ මට තාත්තාට කියන්න අමතක උණා අද පොත් ගන්න සල්ලි ගේන්න කිව්වනෙ". පුතා කීව. "පුතාට මොකක් හරි පොතක් ඕනෙද?" "නෑ. නෑ. අර ගේන්න කිව්ව එකයි මම කිව්වෙ" "හරි මොකක්ද දැන් කරන්න ඕනෙ" "යමක් දැක්ක පළියට ගතයුතු නොවේ. අවශ්‍ය දේ පමණක් සෑහේ" පුතා කීවා. "ආ මතකයි නේද". ඒ එක පවුලක තීරණය විතරයි. ඒත් තව කී දෙනෙක් 'පොත් ගන්න' සල්ලි ගේන්න ඇතිද?
7.30ට ඝණ්ඨාරය නාද වුණා. පාසලේ වගේමයි. ලමයි පෝලින් උණා. මල් පෙරහැර ආවා. ගියා. ‍පන්ඩිත හාමුදුරු‍වෝ සිල් දුන්නා. නිවේදන ටික කියෙව්වා. අන්තර් නිවාස තරඟවලි ගැන කිව්වා. අන්තර් දහම්පාසල් තරඟාවලි ගැන කිව්වා. ශිෂ්‍ය නායක දිනයක් ගැන කිව්වා. විනාඩි 10ක් 15ක් අතර 'ආගමික වතාවත්' අවසන්. ළමයි පන්තිවලට ගියා.
පන්තිවලට ගුරුවරු ගියා. පොඩි හාමුදුරුවරු දෙතුන් නමයි. විශ්‍රාමික ගුරුවරු දෙන්නයි. වසර 30ක් පමණ කාලයක් තිස්සේ දහම්පාසලේ ඉගැන්වීම කරණ වැඩිහිටි 'දහම්පාසල් ගුරුතුමියයි'. දහම්පාසල් අවසානය හා ධර්මාචාර්ය සමත් වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමයි. ඔක්කොම පන්ති 10ක් නැත්නම් 11ක් තියෙනවා. ආරම්භක පන්තිය 1 නෙමේ. පාසලේ 1 වසරේ ඉන්න අය දහම්පාසලේ මුල් පන්තියේ. ඒ පන්තියේ සිට පන්ති 4ක ළමයි 50 බැගින් විතර ඉන්වා. ඊළඟ පන්තියේ 20ක් විතර. ඊළඟ පන්තියේ ඒ කියන්නේ පාසලේ 5ට සමාන්තර පන්තියේ ඉන්නේ 12ක් විතර. 6, 7, 8 පන්තිවල ළමයි 30, 40 විතර ඉන්නවා.
ගුරුවරු නම් ලකුණු කරනවා. අච්චු පොත අරගෙන පාඩමක් කරනවා. ඒ හැම පාඩමක්ම වගේ පාසලේ බුද්ධාගමට උගන්න ඒවා. පාලි වගේ ඒවා බොහොම උඩින් පල්ලෙන් යන්නේ. 10 විතර වෙනකොට විවේකය. ආයෙත් අච්චු පොත හා පාඩම්. තෝරගත්ත ළමයි ටිකක් අරගෙන 'තරඟ' වලට සූදානම් කරනවා. 11ට ආයත් පෝලින්. ගාථාවක් කියනවා ගෙදර යවනවා.

ඔක්කොම ළමයි 700-800 ක් විතර ඉන්නවා. ඒත් පන්සලේ එපමණ ළමයි ප්‍රමාණයකට ඔය මිශනාරී ක්‍රමයේ පන්ති කාමර අධ්‍යාපනය දෙන්න ඉඩ මදි. ඉතින් ලොකු හාමුදුරුවෝ පන්සල් වත්ත පුරා මඩු ගහනවා. ගස් ඉර ඉරා ඩෙස් බංකු හදනවා.

අපේ දරුවන්ට ඕනෙ මේ ආකාරයේ දහම්පාසල් අධ්‍යාපනයක්ද? හරියටම තවත් පාසල් දිනයක් වගේ! ‍අච්චුපොත් පාඩම් විනා සාරධර්ම වර්ධනයක් හෝ ආගමික ගුණවගාවක් ඇති කිරීමේ හැකියාවක් මේ දහම්පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නනෙ නෑ.

ළමයා හා පන්සල අතර හොඳ සම්බන්ධතාවයක් ඇතිවන, ළමයාතුළ යහපත් ගුණධර්ම වර්ධනය කිරීමට හැකි හොඳින් සංවිධානය කළ පෝදා වඩසටහන් 1ක් මේවගේ දහම් පාසල් දින 4ට වඩා හොඳ බව මාගේ මතයයි.

25 comments:

Indranama said...

හ්ම්.. මේක කියෙව්වාම මට මම ගියපු දහම්පාසල මතක් උනා. මට දහම්පාසල එපා වුනා ඒකෙ ගුරුවරුන්ගෙයි ස්වාමීන්වහන්සෙගෙයි ක්‍රියාකලාපය නිසා. ඒකෙ තැන ලැබුනෙ ගුරුවරුන් පෞද්ගලිකව අඳුරන අයට විතරයි. දහම්පාසල් තරඟ වලට යන්න අවස්ථාව හම්බුනෙත් එයාලට විතරයි. අන්තිමේ මම දහම්පාසල් යාම අතෑරලා දැම්මා.

මං හිතන්නේ දහම්පාසැලත් දැන් තරගකාරී අධ්‍යාපනයේ ගොදුරක් වෙලා. තව ටික කාලෙකින් ධර්මාචාර විභාගෙට ටියුෂන් ක්ලාසුත් පටං ගනී.

Thameera said...

ඇත්ත, දැන් දහම්පාසල් වැඩිහරියක් ටියුෂන් ක්ලාස් වගේ, තරග විබාග විතරයි

නිලන්ත පියසිරි said...

මා කුඩා කාලේ දහම් පාසල් ගියේ දින 3 යි. සති අන්තයේ තවත් පාසලකට යන්න ඕනෑ නැතැ යි තාත්තා තීරණය කළේය. ඔහුගේ තීරණයට මම අදත් ගරු කරමි.

budhajeewa said...

ළමයින්ට "සාරධර්ම" කියා දෙන්නට "දහම්පාසල්" යැවිය යුතුමයයි "අණදෙන" අය කිසි දිනක typical "බුද්දාගමේ දහම්පාසල්" (කිසිවෙකු බෞද්ධයකු කිරීමට මෙලෙස නොහැක!) වෙත නොගොස් ඇති බව කිව හැකියි.

"බුද්දාගමේ" දහම් පාසලක් කියන්නෙ ක්‍රිස්තියානි පල්ලියක් ආශ්‍රිතව ක්‍රියා කරන දහම්පාසල් දෙස බලාගෙන ඕල්කට් නැමැත්තා විසින් හඳුන්වාදෙන ලද්දක් බවයි කියවෙන්නේ. ඒවා වචනය් පරිසමාප්ත අර්ථයෙන්ම Sunday Schools පමණයි!

Unknown said...

නියම ලිපිය මචන් මමත් දහම්පාසල් ගැන ලිපියක් දාන්න හිතන් ඉන්නෙ උඹ කියපු කථාව නම් 200% ඇත්ත දහම් පාසලක වෙනන ඕන ළමයිගෙ අධ්‍යාත්ම්ක තණය වැඩි කරණ එක ඒක කරන්න පොත් පත් වලින් බෑ ක්‍රියාවෙනුත් වෙන්න ඕන...හොඳ වැඩපිළිවෙලක් නෑ උගන්වන ගුරුවරු උනත් සුදුසුකම් ඇති අයට වඩා නැති අය මම අවුරුදු 5ක් දහම් පාසලක ඉගැන්නුව ඒ නිසා දන්නව ගොඩක් ගුරුවරු විශය කරුණු විතරක් උගන්වනව.අපි හිතමු බුද්ධ චරිතය කියල ඒකේදි ඒ චරිතයෙන් අපට ගන්නපුළුවන් ආදර්ශ මොනවද කියල සමහරු උගන්වන්නෙ නෑ.බුද්ධ සාශන අමාත්‍යංශය පැත්ත හැරිල බලන්නෙ නෑ හොද වැඩපිළීවෙපක් ගේන්නෙ නෑ.

Indranama said...

@ තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
බුද්ධශාසන අමාත්‍යාංශය තිබුනෙ ඉස්සර!
දැන් තියෙන්නෙ ආගමික කටයුතු අමාත්‍යාංශයක් විතරයි!

Anonymous said...

ලෝකයේ බෞද්ධ දරුවන්යැයී කියා කාන්ඩයක් නැත. ඉන්නේ දරුවන් පමනී.
බෞද්ධ දෙමාපියන්ගේ දරුවන්යැයී කීමනම් හරිය. දෙමාපියන් එක් ආගමක වුනු පලියටම දරුවනුත් ඒ ආගමම ඇදහිය යූතුයැයී නීතිය තියෙන්නේ අබරංගේ ආගම් වල පමණී.

budhajeewa said...

@kolu:

ඒ කතාවත් ඇත්ත.

Unknown said...

@ඉන්දරේ | Indranama'

බුද්ධශාසන අමාත්‍යාංශය ‍නැති වුණාට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියනව නේ !

Unknown said...

@ budhajeewa said...

යකෝ දහම් පාසල කියන දේ ඇති කරේ ඕල්කට් තුමා නෙවෙයි ඒක පෙර රජදවස පටන් තිබුණු දෙයක් ...

budhajeewa said...

@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
ඉතිං යකෝ දහම්පාසල්වල උගන්නන්නෙත් ඕල්කට් විසින් ඕක පටං ගත්තයි කියල නං, තව තවර කතාද?

Unknown said...

kolu said... and budhajeewa
ලෝකයේ බෞද්ධ දරුවන්යැයී කියා කාන්ඩයක් නැත. ඉන්නේ දරුවන් පමනී.
බෞද්ධ දෙමාපියන්ගේ දරුවන්යැයී කීමනම් හරිය. දෙමාපියන් එක් ආගමක වුනු පලියටම දරුවනුත් ඒ ආගමම ඇදහිය යූතුයැයී නීතිය තියෙන්නේ අබරංගේ ආගම් වල පමණී./

එසේනම් ලෝකයේ සිංහල /මුස්ලිම්/ද්‍රවිඩ යනුවෙන් දරුවන්ද නොමැත ඉන්නේ දරුවන් පමණි .නිකන් පොර ටොක් දෙන්න එපා ආගමක් /ජාතියක් නැති එවුන් ට කියන්න වෙන්නෙ අව ජාතකයින් කියල තමයි ඉතින්!

budhajeewa said...

@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:

[said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
එසේනම් ලෝකයේ සිංහල /මුස්ලිම්/ද්‍රවිඩ යනුවෙන් දරුවන්ද නොමැත ඉන්නේ දරුවන් පමණි .නිකන් පොර ටොක් දෙන්න එපා ආගමක් /ජාතියක් නැති එවුන් ට කියන්න වෙන්නෙ අව ජාතකයින් කියල තමයි ඉතින්!
[/said]

ඔබත් සමග මේ ගැන වාද කර ප්‍රතිඵලයක් නැති බව පෙනෙනවා. ඒ නිසා ඔබට කළ හැකි එක් පරීක්‍ෂණයක් කියන්නම්.

සිංහල - බෞද්ධ සහ දමිළ - හින්දු මව්පියන්ට ලැබුනු අලුත උපන් දරුවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමව්පියන් අතර හුවමාරු කර බලන්න.

අන්න එවිට ඔබට තහවුරු කරගත හැකියි ආගම - ජාතිය උපතින් එන්නක්ද නැත්ද යන වග.

Unknown said...

budhajeewa said...
@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
ඉතිං යකෝ දහම්පාසල්වල උගන්නන්නෙත් ඕල්කට් විසින් ඕක පටං ගත්තයි කියල නං, තව තවර කතාද?/

මල්ලී අපේ රටේ ඉතිහාසය ටිකක් ඉගෙන ගන්න...ඉස්සර ඉගැන්නුවෙ ඉස්කෝල වල නෙවෙයි පන්සලේ පස්සෙ තමයි පාසල් බිහි වුණේ පන්සලේ කෙරුණු ඒ ඉගැන්වීම තවමත් දහම් පාසල් යන නමින් ක්‍රියාත්මක වෙන්නෙ දහම් පාසල්වල උගන්වනව නම් පටන් ගත්තෙ ඕල්කට් තුමා කියල ඒක වැරදියි !

budhajeewa said...

@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:

[said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
මල්ලී අපේ රටේ ඉතිහාසය ටිකක් ඉගෙන ගන්න...ඉස්සර ඉගැන්නුවෙ ඉස්කෝල වල නෙවෙයි පන්සලේ පස්සෙ තමයි පාසල් බිහි වුණේ පන්සලේ කෙරුණු ඒ ඉගැන්වීම තවමත් දහම් පාසල් යන නමින් ක්‍රියාත්මක වෙන්නෙ දහම් පාසල්වල උගන්වනව නම් පටන් ගත්තෙ ඕල්කට් තුමා කියල ඒක වැරදියි !
[/said]

අයියේ, මම අපේ රටේ ඉතිහාසය ටිකක් ඉගන ගන්නමි. ඔයා ඉගනගත්තු දේ පටලැවුං ලිහාගෙන ඉන්න.

ඔබ බොහොම බරපතළ විදියට පටලවාගෙන තියෙන්නේ. අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ සිදුවුනු විහාරස්ථාන ආශ්‍රිත අධ්‍යාපනයයි දැන් මේ කෙරෙන ඕල්කට් විසින් ආරම්භ කළ "දහම් පාසල්" අධ්‍යාපනයයි එකක් නෙවෙයි දෙකක්.

ඔබ කියන රජ දවස සිට පැවැත්වුනු විහාරස්ථාන ආශ්‍රිත අධ්‍යාපන ක්‍රමය "දහම්පාසල්" කියා හැඳින්වෙන්නේ නැහැ. එය එයට වඩා පුළුල් වපසරියක විහිද ගිය අධ්‍යාපන රටාවක්. කොටින්ම එහි බුදුන්වදාළ ජීවන රටාවයි ඉගැන්වුනේ, එහෙම නැතිව හය හත වසර ළමුන්ට අභිධර්මය උගන්වන්න ගියේ නෑ ඒවායේදී.

Unknown said...

/budhajeewa-සිංහල - බෞද්ධ සහ දමිළ - හින්දු මව්පියන්ට ලැබුනු අලුත උපන් දරුවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමව්පියන් අතර හුවමාරු කර බලන්න.

අන්න එවිට ඔබට තහවුරු කරගත හැකියි ආගම - ජාතිය උපතින් එන්නක්ද නැත්ද යන වග./

ළදරුවන් ගැන නෙමෙයි අපි කථා කරන්නෙ.හරි මාරු කළයි කියමු ටික දවසක් යද්දි සිංහල ‍දෙමව්පියන් ලඟ ඉන්න ළදරුව සිංහලයෙක් වෙනව නේද? දෙමව්පියන්ගේ අභාශය තමයි දරුවන්ට යන්නෙ ඔයා රෝන් සයිඩ් යන්නෙ

මම කියන්නෙ ජාතිය ආගම උපතින් නෙවෙයි අභාශයෙන් එන්නෙ කියල ඉතින් බෙෘද්ධ දෙමවුපියන්ගෙ ලමයි බෞද්ධ වෙනව පසුකලෙක ඉතින් වාසියකට හරි නැත්නම් මිථ්‍යා මතවලට හරි නැත්නම් හිතාමතා හරි වෙන ආගමකට ගියොත් ඇරෙන්න.....

budhajeewa said...

@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:

ඔබ කලින් සඳහන් කළේ මෙවන් අදහසක්:

[said: තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
නිකන් පොර ටොක් දෙන්න එපා ආගමක් /ජාතියක් නැති එවුන් ට කියන්න වෙන්නෙ අව ජාතකයින් කියල තමයි ඉතින්!
[/said]

නමුත් දැන් කියන්නේ මෙවැන්නක්:

[said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
ළදරුවන් ගැන නෙමෙයි අපි කථා කරන්නෙ.හරි මාරු කළයි කියමු ටික දවසක් යද්දි සිංහල ‍දෙමව්පියන් ලඟ ඉන්න ළදරුව සිංහලයෙක් වෙනව නේද? දෙමව්පියන්ගේ අභාශය තමයි දරුවන්ට යන්නෙ ඔයා රෝන් සයිඩ් යන්නෙ

මම කියන්නෙ ජාතිය ආගම උපතින් නෙවෙයි අභාශයෙන් එන්නෙ කියල ඉතින් බෙෘද්ධ දෙමවුපියන්ගෙ ලමයි බෞද්ධ වෙනව පසුකලෙක ඉතින් වාසියකට හරි නැත්නම් මිථ්‍යා මතවලට හරි නැත්නම් හිතාමතා හරි වෙන ආගමකට ගියොත් ඇරෙන්න.....
[/said]

ඔබ එවන් මතවාදීමය වෙනසකට ලක්වීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. "kolu" ගේ ප්‍රතිචාරයේ තිබුනේත් ඔය අදහසට ආසන්න අදහසක්. කිසිවෙකු උපතින් ආගමක් හෝ ජාතියක් ගෙන එන්නේ නැහැ.

ඇත්තටම මේ කුඩා සංවාදය නිසා ඔබගේ ආකල්ප ධනාත්මක වෙනසකට බඳුන්වීම ගැන මම නැවත වරක් සතුටු වෙනවා.

Unknown said...

/විහාරස්ථාන ආශ්‍රිත අධ්‍යාපන ක්‍රමය "දහම්පාසල්" කියා හැඳින්වෙන්නේ නැහැ. එය එයට වඩා පුළුල් වපසරියක විහිද ගිය අධ්‍යාපන රටාවක්. කොටින්ම එහි බුදුන්වදාළ ජීවන රටාවයි ඉගැන්වුනේ,/

හරි එහෙනම් ඒ තරම් හොඳ වපසරියකතිබුණ අධ්‍යෘපනය නැති වුණේ මොකද? දැන් බුදුන් වදාල ජීවන රටාව කවුරුවත් උගන්වන්නෙ නැද්ද? තවමත් දහම් පාසල් වල ඒ ජීවන රටාව උගන්වනව සදිසා නමස්කාරය/අර්යය අට මඟ/සතර සත්‍ය වගේ ජීවන රටාවන්....

budhajeewa said...

@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:

[said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
හරි එහෙනම් ඒ තරම් හොඳ වපසරියකතිබුණ අධ්‍යෘපනය නැති වුණේ මොකද?
[/said]

හොඳටම ෂුවර්ද ඔබ අපේ රටේ ඉතිහාසය ගැන දැනුවත් කියලා?

විහාරස්ථාන ආශ්‍රිත අධ්‍යාපන ක්‍රමය පරිහානිය කරා ළඟා වුනේ අධිරාජ්‍යවාදීනේ මෙරට යටත් කරගෙන සිටි සමයන්හි මිෂනාරි අධ්‍යාපනය ලබාගත්තවුන්ට ඉහළ වරප්‍රසාද ලැබීමත් සමග ශ්‍රී ලාංකිකයන් විහාරස්ථාන ආශ්‍රිත අධ්‍යාපනය අතහැර මිෂනාරි අධ්‍යාපන ආයතන වලට යොමුවීම නිසා.

මේ පිළිබඳව ලියවුනු නොයෙකුත් ලේඛන ඔබට පරිහරණය කරන්න පුළුවන්.


[said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
දැන් බුදුන් වදාල ජීවන රටාව කවුරුවත් උගන්වන්නෙ නැද්ද? තවමත් දහම් පාසල් වල ඒ ජීවන රටාව උගන්වනව සදිසා නමස්කාරය/අර්යය අට මඟ/සතර සත්‍ය වගේ ජීවන රටාවන්....
[/said]

ඔබට තේරෙන්නේ නැති පොයින්ට් එක මෙතැනයි.

යමක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ විභාගයට ලියා ලකුණු ලබාගැනීමට කාරණා කටපාඩම් කිරීම යනු එකක් නොව දෙකක්.

Unknown said...

kolu/ලෝකයේ බෞද්ධ දරුවන්යැයී කියා කාන්ඩයක් නැත. ඉන්නේ දරුවන් පමනී.
බෞද්ධ දෙමාපියන්ගේ දරුවන්යැයී කීමනම් හරිය.

Thisara-මම කියන්නෙ ජාතිය ආගම උපතින් නෙවෙයි අභාශයෙන් එන්නෙ කියල ඉතින් බෙෘද්ධ දෙමවුපියන්ගෙ ලමයි බෞද්ධ වෙනව පසුකලෙක ඉතින් වාසියකට හරි නැත්නම් මිථ්‍යා මතවලට හරි නැත්නම් හිතාමතා හරි වෙන ආගමකට ගියොත් ඇරෙන්න.....
[/said]

ඔබ එවන් මතවාදීමය වෙනසකට ලක්වීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. "kolu" ගේ ප්‍රතිචාරයේ තිබුනේත් ඔය අදහසට ආසන්න අදහසක්.

ඇත්තටම මේ කුඩා සංවාදය නිසා ඔබගේ ආකල්ප ධනාත්මක වෙනසකට බඳුන්වීම ගැන මම නැවත වරක් සතුටු වෙනවා.

හරි දැන් මගේ කීම හා කොලුවාගේ කීම දෙකම එක තැන ඇත එහි සමාන කමක් ඔබ දකිනවානම් එය ඔබේ වරදක්ද? ඇස් වල වරදක්ද? බුද්ධියේ වරදක්ද? නැවත කියවා බලන්නට වටී......කොලු කියා ඇත්තේ "ලෝකයේ බෞද්ධ දරුවන්යැයී කියා කාන්ඩයක් නැත ඉන්නේ දරුවන් පමනී"

බෞද්ධ දරුවන් නැහැයි කියා කිව හැකිද අපිත් බෞද්ධ දරුවන් නේ...ඔහු කියා තියද උපන් හැටියේ දරැවන් කියා

ඉපදුන ගමන් මොන දරුවද බෞද්ධ වෙන්නෙ දන්නෙ අඬන්න විතරයි අම්ම තාත්ත එක්ක ගැවසෙන කොට එයාලගෙ තාලෙට හුරු වෙනව මොකද නිතර දකින අහන දේ තමයි හුරු වෙන්නෙ

නැවත නැවත ඒ කොටස් දෙක සසදන්න සසදලා කියන්න මම කියපු දෙියි කොලු කියපු දේයි 1ක්ද නැත්නම් 2ක්ද කියල

Unknown said...

budhajeewa/ඔබට තේරෙන්නේ නැති පොයින්ට් එක මෙතැනයි.

යමක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ විභාගයට ලියා ලකුණු ලබාගැනීමට කාරණා කටපාඩම් කිරීම යනු එකක් නොව දෙකක්./

මගේ අදහස බලන්න------5ක් දහම් පාසලක ඉගැන්නුව ඒ නිසා දන්නව ගොඩක් ගුරුවරු විශය කරුණු විතරක් උගන්වනව.අපි හිතමු බුද්ධ චරිතය කියල ඒකේදි ඒ චරිතයෙන් අපට ගන්නපුළුවන් ආදර්ශ මොනවද කියල සමහරු උගන්වන්නෙ නෑ.

Unknown said...

කොලු කියපු විදියට නම් දෙමව්පියන් පමණයි බුද්ධාගමේ

Unknown said...

මතු සම්බන්ධයි.....!

budhajeewa said...

@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි:
[said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
නැවත නැවත ඒ කොටස් දෙක සසදන්න සසදලා කියන්න මම කියපු දෙියි කොලු කියපු දේයි 1ක්ද නැත්නම් 2ක්ද කියල
[/said]

ඔව් ඇත්තටම.

"kolu" කියා තිබෙන්නේ මෙලෙසයි:

[said:kolu]
ලෝකයේ බෞද්ධ දරුවන්යැයී කියා කාන්ඩයක් නැත. ඉන්නේ දරුවන් පමනී.
බෞද්ධ දෙමාපියන්ගේ දරුවන්යැයී කීමනම් හරිය. දෙමාපියන් එක් ආගමක වුනු පලියටම දරුවනුත් ඒ ආගමම ඇදහිය යූතුයැයී නීතිය තියෙන්නේ අබරංගේ ආගම් වල පමණී.
[/said]

එනම් "ආගමක්" යනු කිසිවෙකු උපතින් ගෙන එන්නක් නොව ඔහු හැදී වැඩෙන පරිසරය - මෙහිදී දරුවා උපත ලද පවුල - අනුව ඔහු මත පැටවෙන දෙයක් බවය.

ඔබද එය පිළිගෙන ඇත්තේ මෙලෙසය:

[said:තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි]
ළදරුවන් ගැන නෙමෙයි අපි කථා කරන්නෙ.හරි මාරු කළයි කියමු ටික දවසක් යද්දි සිංහල ‍දෙමව්පියන් ලඟ ඉන්න ළදරුව සිංහලයෙක් වෙනව නේද? දෙමව්පියන්ගේ අභාශය තමයි දරුවන්ට යන්නෙ ඔයා රෝන් සයිඩ් යන්නෙ
[/said]

ඔබත් පිළිගෙන ඇත්තේ දෙමාපියන්ගේ - බිහිකළ නොව හදාවඩාගත් - ආභාෂය දරුවන් වෙත යන බවය.

:)

කෙසේ වෙතත් මෙය ප්‍රධාන මාතෘකාවට පරිබාහිර කාරණාවකි.

දුකා said...

200% ක් එකඟයි ඒ කතාවට . .. නියම පෝස්ට් එකක්