Saturday 7 July 2012

මහවැලියේ ඓතිහාසික වැරැද්ද...

මහවැලියේ සිදු කෙරුන විශාලම වැරැද්ද මොකක්ද කියල කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා. පුදුමය කියන්නේ හැමෝම දුන්නේ එකම උත්තරය. අනිවාර්යයෙන්ම ඔබගේ සිතෙත් ඒ පිළිතුරම නලියනවා. මම හරි නේද? ඒ නිසා ඒ මොකක්ද කියල මම ලියන්නේ නෑ. ඒත් මගේ තක්සේරුවේ හැටියට ලොකුම වැරැද්ද එය නෙමේ. එහෙනම් මොකක්ද? මහවැලි යෝජනා ක්‍රමයේ ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. 1. ජලවිදුලිය නිෂ්පාදනය. 2. වී ගොවිතැන. තවත් විවිධ අරමුණු විවිධ මුහුණුවරින් ඉදිරිපත් කළත්, මේ අරමුණු දෙක ඉතා පැහැදිලියි. මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කළත් නොකළත් අවසාන ඉලක්ක වුණේ ජලවිදුලියයි ගොවිතැනයි. ඉහල මට්ටමේ ජලාශවලින් ජල විදුලිය නිපදවා අවසානයේ මිනිපේ සිට බෙදා හරින (හා පොල්ගොල්ලෙන් හැරී යන) ජලයෙන් මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර හා උතුරු පළාත්වල වී වගා කිරීම සඳහා ජලය ලබා දීම මෙම ව්‍යාපාරයේ අරමුණ වුණා. මෙම අරමුණුවල හෝ ඒ අරමුණු කරා කඩිනමින් ළඟා වීම සඳහා කඩිනම් කිරීම වැරැද්දක් ලෙස මා දකින්නේ නෑ. එහෙනම් මොකක්ද මහවැලියේ සිදු වූ ඓතිහාසික වැරැද්ද? ..............

6 comments:

දූපත් වැසියා said...

කොමිස් ගැහිල්ල

චොමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කලොත් නරකද මල්ලී

Bandula - බන්දුල said...

වැරැද්දක් තමා; ඒත් වැරදුනු තැන එතන නෙමේ!

Kanishka said...

කියපංකො තටමන්නෙ නැතුව :D

Bandula - බන්දුල said...

ඉඳපන්කො ටිකක් ...!:D

මහවැලි යෝජනා ක්‍රමය said...

තව විස්තර ඕන...

Bandula - බන්දුල said...

@ මහවැලි යෝජනා ක්‍රමය:- මේ මදිද? http://mynotion-bandula.blogspot.com/2012/07/2.html