Wednesday, 20 January 2010

සහෝදරකම

මගේ මතය අනුව ලොව ඇති රැකගතයුතුම ඥාතිකම නම් සහෝදරකමයි. අපගේ ජීවිත කාලයට සමාන වූ කාලයක් අප සමග එකට හුස්ම ගන්නා ඥාතියා සහෝදරයා වේ. අම්මා හා තාත්තා අපට බොහෝ කළකට පෙර ඉපිද බොහෝ විට අපට බොහෝ කලකට පෙර අපෙන් වෙන්ව යයි. දූ දරුවන් සම්බන්ධව එහි අනෙක් පැත්තයි. අපිට බොහෝ කලකට පසු ඉපිද බොහෝවිට ඔවුනට පෙර අපි ඔවුන්ගෙන් වෙන්ව යයි. බිරිඳ හා ස්වාමියා වුවද අපේ ජීවිතයට එක්වන්නේ අප ඉපිද බොහෝ කලකට පසුවය. එහෙත් සහෝදර සහෝදරියෝ අප උපන් සමයේම ඉපිද බොහෝ විට අප මියෙනා කාලයේ අපත් සමගම මොලොව හැර යයි.

සහෝදරකම ගැන මේ සටහන තියන්න හිතුනේ අද උදේ එෆ්.එම්. සේවාවකින් ඇසුනු දෙයක් නිසා.
ඒකත් සඳහන් කරන්නම්.
"දිනක් උදයේ අම්මා ස‍හෝදරයින් දෙදෙනාට රොටී පුළුස්සමින් සිටියා. ඒ තැටියේ එක් වරකට දැමිය හැක්කේ එක් රොටියක් පමණි. ඒ නිසා අයියා පළමු රොටිය සබා ගැනීමේ අරමුනින් මෙසේ පැවසුවා.
"මම තමා වැඩිමලා. මම ලොක්කා. මම ඉස්සෙල්ලම ලෝකෙට ආවේ. ඒ නිසා පළමු රොටිය අයිති මටයි."
මල්ලි එකඟ උනේ නෑ.
"නෑ එහෙම වෙන්නේ කොහොමද? මම පොඩියි. තවමත් මම පොඩියි. ඒ නිසා මටයි ඉස්සෙල්ල කන්න ඕනේ. එතකොටයි මටත් ඔයාට වගේ ලොකු වෙන්න පුළුවන්."
අම්මට තේරුණා වැඩේ හරි යන්නනේ නැති බව. අම්මා කිව්වා මෙහෙම.
"දරුවනේ මෙකන දෙවියෝ හිටියානම් දෙවියෝ කියන්නේ 'පළමු රොටිය මගේ සහෝදරයාට දෙන්න' කියලයි."

මල්ලිට පොට පෑදුනා. මල්ලි කිව්වා
"එහෙනම් අයියා දෙයියො වෙන්න".

4 comments:

Anonymous said...

patta kathawa. Mula tike oyaa liyalaa thiyene tikath kochchara aththada kiyala hituna. Saamanyayen nohithana paththak

.::පිස්සා::. said...

නියම කතාව ඒක..
මල්ලීට ඉතිං රොටිය දෙනකල්, අයියා දෙයියා.
මල්ලී අන්ඩපාලයෙක් නෙව!!

ධනික | Dhanika said...

ඇත්තටම අර උඩ ලියලා තියෙන ටික මීට කලින් එච්චරම නොහිතුණු දෙයක්. වටිනා දැක්මක්!
කතාවත් නියමයි. :)

දුකා said...

මේ ඔයා නේද මේ කියන මල්ලී . . .. හැබෑ මොළකාරයෙක් ඒ මල්ලී නම් . .

සහෝදරකම් ගැන ඔයා ලියපු ටික නම් ඊයම් බරු වගේ හිතට දැනුනා