Friday 18 December 2009

යුතුකම් හා අයිතිවාසිකම්

යුතුකම් කියන්නේ ක්‍රියාවක්. අයිතවාසිකම් කියන්නේ ප්‍රතිඵලයක්.
යුතුකම් කියන්නේ එක් අයෙකු විසින් ඉටු කළ යුතු කාර්යයක්. අයිතිවාසිකම් කියන්නේ ඒ පුද්ගලයා යුතුකම් ඉටුකිරීම නිසා තවත් අයෙකුට ලැබෙන ප්‍රතිඵලය.
ඒත් අපි ඔය දෙක මාරු කරගෙන ඉන්නේ.
අපි හිතන් ඉන්නේ අයිතිවාසිකම් කියන්නේ තියෙන දෙයක්. යුතුකම් කියන්නේ කළ යුතු දෙයක් කියල.
සේවකයා හිතන් ඉන්නවා සේව්‍යයා තමන්ට වැඩි පඩි ලබා දිය යුතුයි; එය තමන්ගේ අයිතිවාසිකමක් කියල. එහෙත් එතන තියෙන්නේ වැඩි පඩි ලබා දීම සේව්‍යයාගේ යුතුකම. ඔහු එය ඉටු කළොත් එහි ප්‍රතිඵලය සේවකයාට ලැබෙනවා. ඒ විදිහටම තමා සේවකයාගේ යුතුකම-වගවීමෙන් සේවය කිරීම හා සේව්‍යයාගේ අයිතිවාසිකම-බලාපොරොත්තු වන ලාබය ලැබීම.
දෙමාපියන් හා දරුවන් ගත්තත් එසේමැයි. සිඟාලෝවාද සූත්‍රයේ හොඳින් කියනවා ඒ ගැන. සෑම පාර්ෂවයකටම තියෙන්නේ යම් යුතුකමක්. එය ඉටුකිරීමෙන් ප්‍රතිපාර්ෂවයට යමක් ලැබෙනවා. නමුත් එය ප්‍රතිඵලයක් විනා නයමයක් නොවේ.

1 comment:

Anonymous said...

මොකෝ මහත්තයෝ ගොඩාක් කාලෙකින් බ්ලොග් නොලිව්වේ??
දිගටම ලියන්න... මම මේ බ්ලොග් එක බලනවා, කමෙන්ට් නොකෙරුවාට...