එක්කෙනා එක්කෙනා එක දෙයක් ගැන වෙන වෙනස් විදිහට හිතන ලෝකේ මට හිතෙන හැටිත් ලියල තියන්න හිතුනා. ඒ මගේ මතය. මගේ මතය ගැන ඔබේ මතය මට කියන්න.
Saturday, 18 April 2009
Wednesday, 15 April 2009
Tuesday, 14 April 2009
අවුරුදු කාගෙද.....?
ලැබූ අවුරුද්ද යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන සොඳුරු කාලයක් වේවා, සියළු දෙනාටම!
මේ අළුත් අවුරුද්ද කාගෙද? නැත්නම් කාගේ අවුරුද්ද අද අරම්භ වන්නේ?
මෙදා පාර අවුරුද්දට පෙර දින කිහිපයක නිවාඩුවක් ලැබුණා. ඒ නිසා වැඩි කාලයක් නිවසේ රැඳෙන්නත්, දරුවන් සමග වැඩි කාලයක් ගත කරන්නත් ලැබුණා.
ඒ වගේම අවුරුදු ගානකට පස්සේ මගේ අතිජාත මිත්‍රයෙක් මුන ගැසුණා. තිලක්. අපි එකට ඉගෙන ගත්තා. තිලක් වැඩිදුර ඉගෙන ගැනීමට යොමු වුණා.හොඳ රස්සාවකුත් ලැබුණා. දැන් වරලත් ඉංජිනේරුවෙක්. ළඟදී ලංකාවට ආවා.
"අවුරුද්දට ආව එක හොඳා. කොහොමද එහෙදි අවුරුදු?"
"තියෙනවා. මෙහෙන් කට්ටිය යනවනේ අවුරුද්ද අල්ල. ටීවී චැනල්, රේඩියෝ චැනල් දෙක තුනකින්ම යනවා. පන්සලක අවුරුදු උත්සවයක් තියෙනවා. කට්ටිය සෙට් වෙන නිසා අපිත් අනිවාර්යෙන්ම යනවා."
"නෑ මම ඇහුවේ නැකැත් ගැන"
"ආ.. ඒව බොරු වැඩනෙ. මම කොහොමත් ඔය පිස්සු වැඩ කරන්නේ නෑනෙ. නූගත් මිනිස්සුන්ගේ වැඩ"
"ලමයි එහෙමනම් ආස ඇති..?"
"ඔව්. ඒත් ඉතින් ඉගෙනගෙන යමක් කමක් දැන ගනිද්දී ඕව ගැන තියෙන ආසාව නැතුව යනවා."
දැන්නම් මාව කරකවල අත ඇරිය ගනන්!.
"කොහොමත් මේ සැරේ අවුරුද්ද දවසට ගෙදර ඉන්නවනෙ..?"
"නෑ මචං. ඒ දවස් ටිකේ පොඩි රවුමක් දාන්න ඉන්නෙ. යමුද ෆැමිලි දෙකම?"
"යන්න තිබුණනම් හොඳා. ඒත් අවුරුදු නැකැත් වලට ගෙදර ඉන්න එපෑ මචං."
"ඕව මෝඩ වැඩ මචං."
මට හිතුන මේ 'උගත්-නූගත්' අවුරුදු සැමරුම ගැන තව ටිකක් හෙව්වොත් හොඳා කියල.
තිලක්ගෙ මල්ලි තමා ගෙදර ඉන්නේ. එයාට වැඩිදුර ඉගෙන ගන්න බැරි උණා. සා.පෙළත් ඇන ගත්ත වගේ මතක. හැබැයි නියම වැඩකාරය. මේසන්, වඩු, විදුලි, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික් ඕනෙම වැඩක් පුළුවන්. දැන් ගෙවල් හදන්න කොන්ත්‍රාත් ගන්නවා. මිනිහ අවුරුදු සමරන හැටි කොහොමද බලන්නත් එක්ක, තිලක් 'රවුම' ගියාට පසු දා ගියා.
"මචං කොහොමද? කෝ අයිය?"
"ආ අයියෙ. එයාල නුවර ගියානේ. කිව්වෙ නැද්ද?"
"යනව කිව්ව. අදම යයි කියල හිතුවේ නෑ."
"ඊයෙ ගියේ. එන්න අයියෙ ගෙට"
"නෑ මචං මම යන්නම්. කොහොමද අවුරුදු? කෝ නංගි, ලමයි එහෙම?"
"ඉන්නවා. නැවුන්ද කොහෙද හදනවා. යංකො ගෙට. කැවුමක් එහෙම කාල යන්න පුළුවන්නෙ"
"නෑ එපා."
එහෙම කියාගෙනම මමත් කුස්සියටම ගියා. එයාගෙ බිරිඳයි ලමයි දෙන්නයි කැවුම් හදනවා.
"ආ එන්න අයියා. අපිනම් වැඩ."
"ඒක තමා. කැවුම් විතරද හදන්නේ?"
"ඔව් අයියේ. ගොඩක් දේවල් හදන්න වෙලා නෑ, කොකිස් ටිකක් බැද්ද. මුං කැවුන් ටිකකුයි, අතිරසයි හැදුවා. අළුව හරි මොනව හරි හෙට දිහෑ හදා ගන්නවා. දූ මේක හපල බලන්න රස කොහොමද කියල"
අම්ම තරමට උස ගියාට තවම වයස අවුරුදු දොලහක් ඇති දුවට. පළවෙනියට නැත්නම් දෙවෙනියට පුච්චපු කැවුම අරගෙන දුව රස බැලුවා. හපල හොඳට රස කරල ගිලින්නෙ නැතුව එළියට දැම්ම. කටත් හෝදල දැම්ම.
"ම්.. හොඳා අම්මා"
"ආ. එහෙනම් ඔය කැවුම් ටිකක් අවුරුදු කුමාරයට අරන් තියල මේ මාමටත් දෙන්නකෝ"
තෙල් බේරෙන කොණ්ඩ කැවුම හරිම රසයි.
"ඉතින් දූ. දැන් අවුරුද්දට ලෑස්තිද?"
"තව ගේ හේදුවේ නෑ මාමෙ"
"මේ මකුළු දැල් කඩලා දූවිලි ගිහින් මෙයාට හතියට වගේ ආවනෙ අයියා. මම කීවෙ හෙට දිහා මමවත් හෝදන්නම් කියල"
"නෑ නෑ මම හෝදන්නම්"
තාත්තා වැඩේ බාර ගත්ත.
"පුතා අළුත් ඇඳුම් ගත්තද?"
"අපෝ අයිය රෙදි ගන්න ගිහින් නම් හොඳ පන ගියා අයියා."
අම්ම ඉස්සර උනා.
"ඒත් මේ පාර වැඩිය සෙනග නෑ අයියේ. ගිය පාරට කලින් සැරේ පමුනුවේ වාහනේ දාපු තැනින් ගන්න බැරිව රෑ වෙනකම් හිටියා"
ඒ තාත්තාගේ අත්දැකීම.
"මේ සැරේ නැකැත් වෙලාවල් හරි නෑ වගේ නේද අයියා."
"ඇයි..? උදේ පාන්දර නිසාද?"
"නෑ ඒකනම් හොඳා. ඒත් ගිනි මොලවලා අනුභව කරන්න වෙලාව මදි"
"මෙයැයිල අයියේ ඉස්සරෝම අනුභව කරලනෙ ඉන්නෙ, අපේ අහනම් වැඩ අල්ල, ගනුදෙනු කරල තමා ආහාර අනුභවේ. ඊට පස්සේ කෑම මේසෙ අලේ කරන්නත් තියෙනවානෙ. මෙහෙ එහෙම කරන්නේම නෑනෙ."
"ගණදෙනු කරන්න කොහෙටද යන්නෙ.."
"ළිඳට.."
"ළිඳට..?"
"ඔව් ළිඳට. ළිඳත් එක්කනෙ ඉස්සරෝම ගනුදෙනු කරන්නෙ. අයියලත් ළිඳත් එක්ක ගනුදෙනු කරන්නනේ නෑනෙ?"
"ආ ඔව් මේ පැත්තේ ඒ සිරිත නෑ. නංගිලා කොහොමද ඒක කරන්නේ?"
"ගියාවුරුද්දෙ ගනුදෙනු කරපු වතුර එක ගහක් ළඟට දමලා, සුදු රෙදි කෑල්ලක අඟුරු කෑල්ලකුයි, කාසියකුයි, සුදු මලුයි, තව වී එහෙමත් ගන්නවා. ඒවා පොට්ටනිය බැඳල ළිඳට දාල අළුත් වතුර එකක් ඇද ගන්නවා. ඒ වතුර අර භාජනේට දාල අරන් තියනවා."
"අවුරුද්දක්ම?
"ඔව් අයිය. කන්න තව කැවුමක්"
"වැඩ අල්ලන්නේ කොහොමද?"
"ඒකෙනම් වෙනසක් නෑ අයියා. මෙහෙ වගේම තමා. සමහරු කිරි ගහකට කොටනවා. නැත්නම් තම තමන් කරන කර්මාන්තෙ වැඩක් මොකක් හරි අල්ලනවා. ඉගෙන ගන්න ලමයි පොත් කියවනවා. අකුරු ලියනවා. වෙනසක් නෑ"
...................................
දැන් තමා ප්‍රශ්නෙ...!
අවුරුද්ද කාගෙද?
උගතගේ ද? නූගතාගෙද? දෙන්නගෙමද?

Sunday, 12 April 2009
අවුරුදු සවුදම
දොරකඩ කිතුලේ තෙලිජ්ජ මුට්ටිය පෙන පදමට හිනැහෙයි

අවුරුද්ද හා සම්බන්ධව කවි නිර්මාණ අති විශාල සංඛ්‍යාවක් මේ දිනවල පුවත් පත්වල පලවෙනවා.
ඒ අතරින් මගේ සිතගත් ලස්සන කවි සංකල්පනාවක් 2009 අප්‍රේල් 05 දිවයින ඉරිදා සංග්‍රහයේ නිම්නය කොටසේ කව්මුතු තීරයේ පලවී තිබුණා. කවියා අයි. ජී. නන්දපාල. මේ ඉතිරි කොටස.

කොවුල් හාමිනේ අවුරුදු කේලම ගමහැම තැන පතුරයි
නිල් සළු ගලවා පච්ච වඩම හැඳ එරබදු ගහ හැඩවේයි
ගමට ඇහෙන්නට සුරල් වයන්නට රබන් බිමට පනිතෙයි
තාක්ක තකදොං කොල්ලො කුරුට්ටෝ දවල් හීන දකිතෙයි
චීත්ත ඇඳගෙන සාංචි නැන්දල ගෙයි ගොම මැටි ගාතෙයි
තේක්ක මාමල සිදාදියට ගොස් අඩුම කුඩුම ගෙනෙතෙයි
කදමළු බැඳගෙන නෑගම් යන්නට අඟිලි ගණන් කරතෙයි
තාක්ක තකදොං රාශි මාරුවට හිරු දෙයියෝ රජවෙයි
ගැබ්බර වීලා අඹ දඹ නාරං විලිලන්නට සැරසෙයි
පරවි තටුවලින් උතුරත් දකුනත් නිලඹර සේ පැහැ වෙයි
වෙඩි හඬ මැකිලා ඩෝං පටෝරිං රතිඤ්ඤා හඬ ඇසෙතෙයි
තාක්ක තකදොං විරුදරු පැටවුන් නැකැත් අරන් වඩිතෙයි
රතඹල සුවඳැල් තරඟෙට ආරයි ලමිස්සියොත් පරදියි
දුරාචාරයට ඉනිමං බඳිනා මත් රකුසන් පැන යයි
කොළ පොතු සොයමින් නානු හදන්නට වෙද උන්දෙල දඟලයි
තාක්ක තකදොං අවුරුදු කන්නට තුන්හෙලයම සැරසෙයි
දුම්මැස්සේ යට කැවුම් උයන්නට පැණි පට්ටා නැලවෙයි
නැකත ලබනතුරු සුවඳැල් කලුඇල් වී බිස්සේ සැතපෙයි
තාක්ක තකදොං කජු ඇටහාමිල දුම්මැස්සේ ගොරවයි

Saturday, 11 April 2009
බල්ලෝ
විජය ලංකාවට ගොඩ වැදී, එය මිනිස් වාසයක් සහිත භූමියක් බව තහවුරු කරගත්තේ බල්ලෙක් දැකීමෙන් බව වංශකථාවල කියවේ.
මිනිසා විසින් හීලෑ කරගත් පළමු සත්වයා බල්ලා බවත් කියවේ.
එසේම, ලංකාවේ දිනකට 2,000 කට අධික සංබ්‍යාවක් බල්ලන සපා කෑම නිසා ප්‍රථිකාර ලබා ගන්නා බව පසුගිය දිනක පුවත් පතක පලවී තිබුණි. එවැනි අවස්ථාවක ලබාදෙන ජලභීතිකා රෝගය සඳහා වූ එන්නත සඳහා වියදම රුපියල් 35,000.00 ක් පමණ වන බවද එහි සඳහන්ව තිබුණි.
ඇති කරන බල්ලන් වර්ග කිහිපයකි. සුරතලට ඇති කරන බල්ලන්, දඩයමට (සහයෝගයට) ඇතිකරන බල්ලන්, ලොකුකමට ඇති කරන බල්ලන්, (නිවසේ) ආරක්ෂාවට ඇති කරන බල්ලන් ආදී ලෙස 'ඇතිකරන බල්ලන්' ඒ විශේෂ කිහිපයකි. එහෙත් බොහෝවිට මෙම සපා කෑම් සිදුකරන්නනේ මෙම ඇති කරන බල්ලන්ටත් වඩා 'දඩාවතේ යන බල්ලන්'ය. ලංකාවේ ක්‍රියාත්මක නීති අනුව දඩාවතේ යන බල්ලන් සම්බන්ධව ක්‍රියා කළ යුත්තේ පළාත් පාලන ආයතනය. එනම්, මහනගර සභාව, නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව ය. ඉංග්‍රීසි පාලන කාලයේ ගෙන ආ තවමත් වලංගු ජලභීතිකා රෝග ආඥාපනත හා සුනඛයින් ලියාපදාංචි කිරීමේ ආඥාපනත යටතේ දඩාවතේ යන බල්ලන්ට අමතරව ඇති කරන බල්ලන් සම්බන්දවත් ක්‍රියා කිරීමේ බලතල පළාත් පාලන ආයතන සතු වේ. ඊට අමතරව පළාත් පාලන ආයතනවල කර්තව්‍ය තුලද තම බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සැප පහසුව පිළිබඳ වගකීම සතුවන බව සඳහන් වේ.
"තම බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය, මහජන උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ සියළු කාරණා විධිමත් කිරීමද පාලනය කිරීමද පරිපාලනය කිරීමද සාමාන්‍ය මහජනතාවගේ සැප පහසුකම් සහ සුභසාධක කටයුතු හා බල ප්‍රදේශයේ සුඛ විහරණ ක්‍රම ආරක්ෂා කිරීමද ප්‍රවර්ධනය කිරීමද පළාත් පාලන ආයතනයක කර්තව්‍ය වේ."
"ඉරිදා අතිරේක පන්ති පැවැත්වීම තහනම් කිරීම", "ජංගම දුරකථන සන්නිවේදන කුළුණු ඉදි කිරීමට විරුද්ධ වීම", "ලාහෝර් ප්‍රහාරය හෙලා දැකීම" වැනි 'කර්තව්‍යයන්' අතරට 'දඩාවතේ යන බලු ප්‍රශ්ණය' ඇතුළත් කරගන්නා පළාත් පාලන ආයතන මොනවාද යන්න ගැටළුවකි.
'බල්ලාගේ වැඩේ' කරන්නට සිටින අය 'බූරුවාගේ වැඩ' කිරීමට යාම මෙම ගැටළුවට එක් හේතුවක් බව මාගේ මතයයි.

Subscribe to:
Posts (Atom)