Showing posts with label Wasantha Deshapriya. Show all posts
Showing posts with label Wasantha Deshapriya. Show all posts

Sunday, 21 September 2008

රාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය.





රාජ්‍ය සේවය යැයි පැවසූ සැනින් අපගේ මතකයට එන්නේ ලක්ෂ ගනනක් වූ රාජ්‍ය සේවකයින්ය.
එනම් රාජ්‍ය සේවයේ මානව සම්පතය. ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.
කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය. මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය.
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණය සම්බන්දව පැන නගින ගැටළු කිහිපයකි.1. සමස්ථ රාජ්‍ය සේවයෙන් 40% ක්ම සිදුකරන්නේ අභ්‍යන්තර කටයුක්තක් නම් රාජ්‍ය සේවයේ ‘සේවාලාභීන්’ එනම් ‘මහජනතාව’ විසින් නඩත්තු කරනු ලබන්නේ ‘සුදු අලියෙක්ද’?
2. මෙම ‘මානව සම්පත් කළමණාකරණය’ නිසි ආකාරව සිදු වෙනවාද?3. මෙම ඒකාකාරී රාජකාරී ඉටුකිරීම සඳහා මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් නොමැතිද?
ඒ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කළ හැකිබව මාගේ මතයයි. රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කරන අවස්ථා මේ වන විටත් තිබෙනවාද කියා මම නොදනිමි. (එවැනි අවස්ථා ඇත්නම් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
කෙසේ වුවද, මේ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීමෙන්
1. රාජ්‍ය සේවයේ ඇති විශාල බරක් සැහැල්ලු කර ගැනීමට හැකිවනු ඇත.
2. මටද ඇතුළුව සෑම රාජ්‍ය සේවකයෙකුටම (අවම වශයෙන් එකක් වත්) ඇති නොවිසඳුනු සම්ප්‍රදායික ගැටළු පහසුවෙන් නිරාකරනය කරගත හැකි වනු ඇත.
3. එමගින් ඇතිවන මානසික සහනය වඩාත් යහපත් සේවයක් ලබා දීමට හොඳ පෙළඹවීමක් වනු ඇත.
4. මානව සම්පත් කළමණාකරණය සඳහා යොදවා ඇති මනව සම්පත රාජ්‍ය සේවයේ ඵලදායී අංශ කරා යොමු කළ හැකිය.
ඒ අනුව රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීම ඉ-රාජ්‍ය සංකල්පයේ ‘ප්‍රශස්ත මහජන සේවයක්’ ලබාදීමක්ම වනු ඇත.

Thursday, 18 September 2008

තනි තනිව වැඩ කරන රජයේ සේවකයෝ

ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ රාජ්‍ය ප්‍රති-නිර්මාණ අංශයේ වැඩසටහන් ප්‍රධානි වසන්ත දේශප්‍රිය මහත්මයාගේ
ටීකාව ඉතා අගය කොට සලකනවා.
ස්තුතියි.

මම කියන්න උත්සාහ කළේ අපේ රාජ්‍ය සේවයේ සිටින බහුතරයකගේ -අති බහුතරයකගේ ආකල්පයක් ගැන.
'මම මගේ වැඩේ කරනවා!', 'ඒක මගේ වැඩක් නෙමේ!'
බැලු බැලුමට බොහොම සාධාරන වගේ පෙනෙන, 'ඔව් ඒ මදෑ'කියල හිතෙන, ආකල්පයක්.
ඒත් ඒක හරිද?

ආයතනයක වැඩ තනි තනිව කරල සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්ද?

මම අත්දැකල තියෙන බහුතරයක් -අති බහුතරයක් පෞද්ගලික ආයතනවල කටයුතු කරන්නේ සාමූහිකව.
ඒ ඒ රාජකාරියට ඍජුව වගකියන අයෙක් සිටිනවා.
ඒත් කළමණාකරනය විසින් ඒ සියළු අංශ හොඳින් සමායෝජනය කරනවා.
අවසාන ප්‍රතිඵලය සාර්ථකයි.

කරුමයක මහත.
රාජ්‍ය අංශයේ අති බහුතරයක් ආයතනවල එම සහභාගිත්ව කළමණාකරනය ඇත්තෙම නෑ.

වසන්ත මහත්මයා කියන ආකාරයට 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය'ට පුළුවන් වෙයිද මේ ආකල්පමය වෙනස ඇති කරන්න?

'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය' අප ආයතනයේ ඵලදායීතාව වර්ධනය කිරීම පිණිස යොදා ගැනීමට
ගන්නා උත්සාහයට හරස් වී තිබෙන්නෙත් මේ 'කාලකන්ණි' ආකල්පයමයි.
('කාලකන්ණි' කිව්වට 'කන්නෙ' කාලය විතරක් නෙමේ. ශ්‍රමය, ධනය, කීර්ති නාමය වගේසම්පත් විශාල ප්‍රමාණයක් මේ ආකල්පය නිසා විනශ වෙනවා)