ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ රාජ්‍ය ප්‍රති-නිර්මාණ අංශයේ වැඩසටහන් ප්‍රධානි වසන්ත දේශප්‍රිය මහත්මයාගේ
ටීකාව ඉතා අගය කොට සලකනවා.
ස්තුතියි.
මම කියන්න උත්සාහ කළේ අපේ රාජ්‍ය සේවයේ සිටින බහුතරයකගේ -අති බහුතරයකගේ ආකල්පයක් ගැන.
'මම මගේ වැඩේ කරනවා!', 'ඒක මගේ වැඩක් නෙමේ!'
බැලු බැලුමට බොහොම සාධාරන වගේ පෙනෙන, 'ඔව් ඒ මදෑ'කියල හිතෙන, ආකල්පයක්.
ඒත් ඒක හරිද?
ආයතනයක වැඩ තනි තනිව කරල සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්ද?
මම අත්දැකල තියෙන බහුතරයක් -අති බහුතරයක් පෞද්ගලික ආයතනවල කටයුතු කරන්නේ සාමූහිකව.
ඒ ඒ රාජකාරියට ඍජුව වගකියන අයෙක් සිටිනවා.
ඒත් කළමණාකරනය විසින් ඒ සියළු අංශ හොඳින් සමායෝජනය කරනවා.
අවසාන ප්‍රතිඵලය සාර්ථකයි.
කරුමයක මහත.
රාජ්‍ය අංශයේ අති බහුතරයක් ආයතනවල එම සහභාගිත්ව කළමණාකරනය ඇත්තෙම නෑ.
වසන්ත මහත්මයා කියන ආකාරයට 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය'ට පුළුවන් වෙයිද මේ ආකල්පමය වෙනස ඇති කරන්න?
'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය' අප ආයතනයේ ඵලදායීතාව වර්ධනය කිරීම පිණිස යොදා ගැනීමට
ගන්නා උත්සාහයට හරස් වී තිබෙන්නෙත් මේ 'කාලකන්ණි' ආකල්පයමයි.
('කාලකන්ණි' කිව්වට 'කන්නෙ' කාලය විතරක් නෙමේ. ශ්‍රමය, ධනය, කීර්ති නාමය වගේසම්පත් විශාල ප්‍රමාණයක් මේ ආකල්පය නිසා විනශ වෙනවා)
එක්කෙනා එක්කෙනා එක දෙයක් ගැන වෙන වෙනස් විදිහට හිතන ලෝකේ මට හිතෙන හැටිත් ලියල තියන්න හිතුනා. ඒ මගේ මතය. මගේ මතය ගැන ඔබේ මතය මට කියන්න.
Showing posts with label Public Service. Show all posts
Showing posts with label Public Service. Show all posts
Thursday, 18 September 2008
Wednesday, 17 September 2008
තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය!
ආයුබෝවන්ඩ!
මේ දවස්වල නගරයේ තාප්පයක් තාප්පයක් පුරා තියෙන්නෙ "රාජ්‍ය සේවය පිණිසයි!"
ඒ මොබිටෙල් ජංගම දුරකථන "උපහාරය".
ඇත්තටම රාජ්‍ය සේවය කියන්නෙ මොකක්ද?
State Service.
එතකොට public Service කියන්නෙ?
මහජන සේවයද?
public කියන්නෙ පොදු.
State කියන්නෙ රාජ්‍ය, නැත්නම් රාජකීය.
කොහොම උනත් අද තියෙන මේ රාජ්‍ය සේවය හඳුන්වන්න හොඳම යෙදීම,
"මහජන සේවය" විය යුතුයි.
ලංකාව වැනි යටත් විජිතවූ රටවල,
යටත් විජිත පාලකයින්ගේ වුවමනාවන් ඉටුකරගැනීම සඳහා ඇති කළ යාන්ත්‍රනය
අද වන විටත් ඒ ආකාරයටම පවතිනවා.
නමුත් ඒ යටත් විජිත පාලනයක් නෙමේ අද තියෙන්නෙ.
තමන්ගේ කටයුතු යම් සම්මතයකට අනුව සිදුකර ගැනීම සඳහා
තමන් වෙනුවට තමන්ගේ නියෝජිතයෙක්ව පත්කරගෙන,
තමන්ට අවශ්‍ය විදිහට, තමන්ගේ කටයුතු කරගන්නා
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අද තියෙන්නේ.
ඒ කියන්නෙ 'රාජ්‍ය' නැත්නම් 'රාජකීය' නෙමේ.
'පොදු'. Public Service.
ඇත්තටම අද තියෙන්නේ පොදු සේවාවක්ද?
එයින් සේවා ලාභියගේ අවශ්‍යතාවන් ඉටු වෙනවාද?
කවුද සේවා ලාභියා?
යටත් විජිත යුගයේ රාජ්‍ය සේවකයාගේ සේවාව ලැබුවේ රජය.
නැත්නම් යටත් විජිත පාලකයින්.
අද 'පොදු සේවකයාගේ' සේවාව ලබන්නා විය යුත්තේ මහජනතාව.
එහෙත් සිදුවන්නේ එයද?
අන්තර්ගතයේ පමණක් සුළු සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුවූ
අවුරුදු 200ක් පමණ සිට ස්ථාවරව පවත්වාගෙන එන ලංකාවේ
රාජ්‍ය සේවය අදටත් යල්පැනගිය,
'පරයන්ගේ වැඩක් කරනවා' යන හැඟීමමත පවත්වාගෙන යන 'රැකියාවක්' පමණි.
'තනි තනිව වැඩ කරන රාජ්‍ය සේවය' ගැන හෙට බලමු.
සුභ දවසක්!

Subscribe to:
Comments (Atom)