කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' පැවැත්වණේ මුල්ලේරියාව නව නගරයේ පිහිටි ජාතික ළමා අධ්‍යාපන පදනමේ බෞද්ධ විද්‍යාලයේ ශාලාවේදීය. එදින ආරම්භක පූජා නර්තනය හා අවසාන භාගයේදී ඉදිරිපත් කළ කුඩා දරුවන්ගේ වේග රිද්ම නර්තනය ඉදිරිපත් කළේ, එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ නැටුම් කණ්ඩායම හා පෙරපාලසලේ කුඩා දරුවන්ය. ආරම්භක පූජා නර්තනය ගැන මීට ප්‍රථම මාගේ මතය ප්‍රකාශ කළ බැවින් 'ඔයේ ඔජායේ' ගීතයට පෙර පාසල් දරුවන් ඉදිරිපත් කළ වේග රිද්ම නර්තනය ගැන මාගේ මතය ප්‍රකාශ කරමි. ඉතා දීර්ඝ කාලසටහනකින් යුක්ත මෙම උත්සවයේ අවසාන භාගය වනවිට වෙහෙසට පත්ව සිටි ප්‍රේක්ශකයින් වහා ප්‍රබෝධමත් කිරීමට සමත් වූ මෙම නර්තනය කෙතරම් ඔවුන්ගේ සිත් ගත්තේද යත් සියළු දෙනාම පාහේ ගීතයේ තාලයට අත්පොලසන් දීමට පටන් ගත්හ. ඉතා සංයමයෙන් යුතුව, මනා ඒකාග්‍රතාවයකින් හා වේදිකාව පිළිබඳව හොඳ අවබෝධකින් ඔවුන්ගේ නර්තනය ඉදිරිපත් කළා. ගීතයේ අවසාන කොටසේදී කුඩා දැරිවියන් කිහිපදෙනෙක් වේදිකාව පුරා කරනම් ගසමින් ඉදිරිපත් කළ නර්තනය බොහෝ දෙනාගේ විමතියට හේතුවූ බව පෙනී ගියා. මෙම කරුනු වලට අනුව නරඹන්නන් අත්පුඩි ගැසුවේ ගීතයේ තාලයටද නැත්නම් මෙම දරුවන්ගේ ඉදිරිපත් කිරීම නිසා ඇති වූ පහන් හැඟීම නිසාද සොයා බැලිය යුතුය. මාගේ මතයනම් ඒ කුඩා දරු දැරියන්ගේ හැකියාව පිළිබඳව ඇතිවූ සහෘදමය හැඟීම මෙයට හොතු වූවාය යන්නයි.
එහෙත් මෙහි ප්‍රධාන දේශක තුමා වූ අත්කනායක එම්. හේරත් මැතිතුමා දැරූ මතය වූයේ 'කුඩා දරුවන් කිසිම හරයක් නොමැති සංකර වේග රිද්ම ගීතවල නර්තනයන් සඳහා පුහුණු කිරීම නොකළ යුතු' බවයි. ඒතුමා මේ පිළිබඳව තම දේශනයේදී ප්‍රකාශ කළවිට බොහේ දෙනාගේ සිත් තුල යම් කුකුසක් ඇති වූ බව පෙණුනි.
එබැවින් අත්තනායක එම්. හේරත් මැතිතුමා මේ පිළිබඳව වැඩිදුර ප්‍රකාශයක් මෙම බ්ලොග් අඩවිය හරහා හෝ එතුමාගේ බ්ලොග් අඩවිය හරහා ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍යයැයි මාගේ මතයයි.
එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය පිළිබඳව වැඩිදුර විස්තර වෙනම post එකකින් ඉදිරිපත් කරන්නෙමි.
එක්කෙනා එක්කෙනා එක දෙයක් ගැන වෙන වෙනස් විදිහට හිතන ලෝකේ මට හිතෙන හැටිත් ලියල තියන්න හිතුනා. ඒ මගේ මතය. මගේ මතය ගැන ඔබේ මතය මට කියන්න.
Friday, 31 October 2008
Monday, 27 October 2008
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. මහනුර ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් එතුමා සමග පැවසූ කතාවක්.
'එක්තරා නරියෙක් ටවුන් එකට ඇවිත්. නගරයේ දියුණුව දැක අමන්දානන්දයට පත් වෙනවා. මෙම දියුණුවට හේතුව ලෙස දකින්නේ ටවුන් එකේ ඉස්කෝල පිහිටා තිබීම. ඉතින් නැවත කැළයට යන නරියා කැළේ සතුන්ට මේ බව පවසනවා. කැලෙත් දියුණුකර ගන්න මූලික අවශ්‍යතාවය වන ඉස්කෝලයක් කැලයේ ඇති කිරීමට කට්ටි එකඟ වෙනවා. ඉස්කෝලයක් තියෙනවානම් සිලබස් එකකුත් අවශ්‍යයිනේ. විෂයමාලා නිර්දේශන කමිටුවක් පත්කරගන්නවා. එක එක සතාගෙන් යෝජනා එනවා. වඳුරා තියනවා ජම්පිං දාන්න ඔනේ. ඒකත් දැම්මා. මාළුවා කියනවා ස්විමිං ඕනේ. ඒකත් දානවා. කුරුල්ලෝ කියනවා ඉගිලෙන හැටි උගන්නන්න ඕනේ. ඒකත් දානවා. හන්ටිං, ෆයිටිං චීටිං, ඔය විදිහට නොයෙක් නොයෙක් දේ දාල සිලබස් එක හදලා 'දියුණුවේ මුල' අධ්‍යාපනේ දෙනවා. වඳුරා පීනන්න ගිහින් ජලසන්නිය හැදිල රෝහලේ. මාළුවා ගස් යන්න ගිහින් දැඩි සත්කාර ඒකකයේ. ඔය විදිහට කැලේ විනාශයි. ලෙඩ ගොඩයි. ඒත් තුන්දෙනෙක් වැඩෙන් ගොඩ!. එක්කෙනෙක් මදුරුවා. ලේ බීල ලේ බීල මෙඩිකල් කොලේජ් එනවා. එතනත් ලේ බීල බීල පස්සෙ චැනල් සේවයක් දාගන්නවා. "රෝග්‍යා පරමා ලාභා". දෙවැනියා කූඩැල්ල. මැන මැන ඉංජිනියරින් ෆැකල්ටියට යනවා. එයා ඉංජිනියර්. තුන්වැන්නා ගෙම්බා. පැන පැන හිටිය නිසා කැම්පස් යන්න බැරි වෙනවා. ඒත් දේශපාලනයට තේරෙනවා. එක කෝටියකට මේ පැත්තට. අනිත් කෝටිට අනිත් පැත්තට. කොහොම හරි නව අධ්‍යාපන සංකල්පයෙන් හරි ගිය කිහිපදෙනෙක් ඉන්නවා.' මේ අධ්‍යාපනයේ තවත් පැත්තක්.
අධ්‍යාපනය පිළිබඳව මාගේ මත මීට ප්‍රථම ඉදිරිපත් කිරීම ඇරඹුවා. ඉදිරියට තවත්!

'එ' ලියන්නේ කොහොමද?
අත්තනායක එම් හේරත් මැතිතුමා කියූ තවත් කතාවක්.
එතුමා ළමයෙකුට නැකතට අකුරු කියවීමට ගොස් සිදුවූ සිද්දියක්. මේ දරුවාගේ හැසීරීමෙන්ම යම් විශේෂයක් අත්තනායක එම් හේරත් මැතිතුමා නිරීක්ෂණය කොට තිබෙනවා. කෙසේ හෝ 'අ' පෙන්නලා අයන්න කිව්වහම "ඔව්" කීවාලු. 'ආ' පෙන්නලා ආයන්න කීවාම "ඔව්" කීවාලු. වැඩේ හරියන්නෙ නැති නිසා ඇහුවලු "පුතේ එයන්න
ලියන්නේ කොහොමද" කියල. "කොම්බුවයි අයන්නයි එයන්න" කීවාලු. "ඒ කොහොමද පුතේ". "ඇයි,
කොම්බුවයි කයන්නයි කෙයන්න නම්, කොම්බුවයි අයන්නයි එයන්න". කුමාරතුංග මුනිදාස ශූරීන්ට සම
වයස්ව මේ දරුවා ඉපිද සිටියානම් අපට තවත් සිංහල භාෂා ගුරුකුලයක් බිහිවන්නට තිබුණාය යන්න
මාගේ මතයයි.

Sunday, 26 October 2008
වේග රිද්මය හා පෙරපාසල් දරුවෝ!
ඊයේ පැවති සාහිත්‍ය උත්සවයේදී තවත් අපූරු සිද්දියක් සිදු වුණා. වැඩසටහන ආරම්භ වීමට පැය භාගයකට පමණ පෙර සිට වේදිකාවට ගොඩවූ කුඩා දරුවන් 30 දෙනෙකු පමණ ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට-නර්තනයට අවස්ථාව එළඹෙන තුරු ඉතා ඉවසිල්ලෙන් රැඳී සිටියා. වේදිකාව සකසා තිබූ ආකරයට හා එක් දැරියක උස් ආසනයක අසුන් ගන්වා සිටි ආකාරයට මොවුන් ඉදිරිපත් කිරීමට යන්නේ සරස්වතී වන්දනාවක් - අභිනන්දනයක් බවට පූර්ව නිගමනයකට කවුරුත් පැමිණි බවට සැක නෑ. කෙසේ හෝ උත්සවය ආරම්භ වී විනාඩි 40කට පසු මෙම 'පූජා අභිනන්දන' නර්තනය ආරම්භ වුණා. ඇත්තෙන්ම එය ඉතා අපූරු නිර්මාණයක් බව කිව යුතුයි. එහි තිබූ විශේෂම ලක්ෂණය නම් නර්තනයට සඳහා ඉදිරිපත් කළ ගීතයයි. එය සම්ප්‍රදායිකව පූජා අභිනන්දන සඳහා ඉදිරිපත් කරන සංගීතයක් නොව වේග රිද්මයක් සහිත, නර්තනය සඳහා හොඳින් පිවිසිය හැකි සංගීතයක් වූවා.
මෙම ගීතය හා නර්තනයේ නොගැලපීමක් නොතිබූ බව මාගේ මතය වන අතර, අත්තනායක එම්. හේරත් මැතිතුමාද තම දේශනයේදී, මෙම උත්සවයේ ඉදිරිපත් කළ වෙනත් නර්තනයක් පිළිබඳව දැඩිව අදහස් ප්‍රකාශ කරද්දී මෙම පූජා අභිනන්දනය ගැන එසේ නොකිරීමෙන් මාගේ මතය හා එකඟවනු ඇතැයි සිතනවා.
එතුමාගේ විවේචනයට භාජනය වූ නර්තනය පිළිබඳව මාගේ මතය මී ළඟ සටහනකින් ඉදිරිපත් කරමි.

පිරිමි ළමයින් ඕනෑකර තිබේ!
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' ප්‍රධාන
දේශනය පැවැත්වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අත්තනායක එම්. හේරත් මැතිතුමා.
එතුමාගේ දේශනා ශෛලිය ඉතාමත් සිත් ඇදගන්නා සුළුයි. ඒ ආකර්ෂණය ලිඛිත ඉදිරිපත් කිරීමකින්
ලබාගන්න බෑ.
එතුමාගේ කථාවේ එක තැනක කිය වුණා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට මෙවර ඇත්ළුවීමට පැමිණි
ශිෂ්‍ය කණ්ඩායමක සංඛ්‍යාව 1,800 ක් බවත් එයින් 1,600 ක් ගැහැණු ළමයින් බවත්, 83 නමක් ස්වාමීන්
වහන්සේලා බවත්. මෙම තත්වය සැලකිල්ලට ගත යුතු කරුණක් බවයි මාගේ මතය.
මෙයට හේතුව කුමක්ද?
පිරිමි දරුවන් අධයාපනයට යොමු නොවීමේ ප්‍රවනතාවයක් තිබේද? මෙය දිගටම පැවති තත්වයක්ද?
නොඑසේනම් දිනෙන් දින වර්ධනය වන තත්වයක්ද? මේ ගැනත් ටිකක් සිතන්න.
රාජ්‍ය සේවයේද මේ ප්‍රවනතාව මීටත් වඩා ඉහලින් ඇති බව මගේ මතයයි. මීට කලකට ඉහත පිරිමින්
පමණක් සිටි තනතුරුවල පවා අද වන විට බහුතරය කාන්තාවන් වී හමාරයි.
එහෙත් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ තත්වය ඊට ඉඳුරාම වෙනස්. කාන්තා නියෝජනය 0.1% ත්
අඩුයි. මොකක්ද මේ වෙනස?

SMS කාව්‍ය සංදේශ
ඊයේ, 2008.10.25 දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 'සාහිත්‍යාභිවන්දනා කලා උළෙල 2008' හා සමගාමීව පැවති එම ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය එළි දැක්වීමේ උළෙලේ ආරාධිතයෙකු ලෙස සහභාගි වුනෙමි.
එහිදී මා අත්දුටු කරුණු කිහිපයක් පිළිබඳව මාගේ මත ප්‍රකාශ කිරීමට අදහස් කළෙමි.
මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට නියමිතව සිටයේ ගරු කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාය. එහෙත් එතුමාට හදිසියේ විදේශ ගතිවීමට සිදුවූ බැවින් එතුමාගේ පුත් උදිත ලොකුබණ්ඩාර මහතා මෙම අවස්ථාවට සහභාගි විය. සාමාන්‍යයෙන් දේශපාලකයින් අතර විරල චරිතයක් වන 'සාහිත්‍යකරුවෙකු' වන විජමු ගේ සාහිත්‍යමය දේශනයක් බලාපොරොත්තුවූ සියළු දෙනාගේ සිත් බිඳවැටී තිබූ මොහොතක විජමු වෙනුවට පැමිණි උදිත ලොකුබණ්ඩාර ඊට නොදෙවෙනි 'කතාවක්' කළේය. එහෙත් එකුන් විසිපස් වියැති මේ තරුණයා තමාගේ කතාව හා තම 'අප්පච්චි' පැමිණියානම් කරන කතාව උපමා කළේ මූසිලගේ හා ගුත්තිලගේ විණා වාදනයන්ටය.
ඒ කෙසේ වුවත් මා මාගේ මතය ප්‍රකාශ කිරීමට අදහස් කළේ එම කතාවේ සඳහන් වූ එක් කරුණක් ගැනය. 'අද තරුණ පරපුර සාහිත්‍යයෙන් ඈත්වූ, කිසිම සාහිත්‍ය නිර්මාණයක් නොකරන්නා වූ පිරිසක් ලෙස හන්වඩු ගැසී ඇතත්, සත්‍ය එය නොවන බව උදිතගේ මතය විය. උදිත ප්‍රකාශ කළේ අද තරුණ පරපුර හොඳ සාහිත්‍ය නිර්මාණ කරන බවත් ගැටළුව වී ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා මාධ්‍ය වෙනස් බැවින් ඒවා ප්‍රකාශයට පත් නොවන බවත්ය. උදිත සඳහන් කළ එක් මාධ්‍යයක් නම් SMS ය.
අද තරුණයන් SMS මගින් හුවමාරු කරගන්නා පණිවුඩ අතර නොයෙක් මට්ටමේ නිර්මාණ ඇති බවත්, එවැනි නිර්මාණ කරන තරුණ පරපුර නිර්මාණ ඌනතාවයකින් පෙලෙනවා යැයි පැවසීම අසාධාරණ බවත් උදිතගේ මතය විය.
එසේ නම් මේ නිර්මාණකරුවන්ගේ හැකියාවන් අදට ගැලපෙන මාධ්‍යයකින් එළිදැක්වීමට අවශ්‍ය පහසුකම් ලබා දීම අද දවසේ ප්‍රමුඛ කාර්යයක් විය යුතු බවයි මාගේ මතය.
මෙම උත්සවයේ තවත් සිද්ධීන් කිහිපයක් ගැන මාගේ මතය ඉදිරියේදී...

Thursday, 23 October 2008
රාජ්‍ය සේවය හා මහජන සේවය
රාජ්‍ය සේවය කියන්නෙ මහජන සේවය නොවේ කියා අමල් පවසා තිබුණා.
ඇත්තටම රාජ්‍ය සේවය කියන්නේ මහජන සේවය නෙමේ. අපේ රටේ රාජ්‍ය සේවය බිහි වුනේ 'සුද්දාගේ' අවශ්‍යතා ඉටුකරගැනීමට. දැන් ශේෂව පවතින්නේ ඒ රාජ්‍ය සේවයේ ගුණාංගම තමා. අනිත් අතට රාජ්‍ය සේවයෙන් වැඩිපුරම සිද්ද වෙන්නේ රාජ්‍ය සේවක කළමනාකරණ කටයුතු. ඉතින් මහජන සේවා සපයන්නේ කොහොමද? මගේරාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය. සටහනේ මේ සම්බන්ධව කරුණු දක්වා තිබෙනවා.
"........ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.
කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය. මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය. ...."
වැදගත්ම දෙය මෙම තත්වය හෙලා දකිමින් මත ප්‍රකාශ කිරීම ඉක්මවා ගිය වගකිමක් අප සතුව තිබීමයි.
ඒ සඳහා හොඳ පෙල ගැස්මක් ගොඩනැගිය යුතු බවයි මාගේ මතය.

Thursday, 16 October 2008
රාජ්‍ය සේවය, පරිගනකය, අන්තර්ජාලය හා සිංහල 2
'පරිගනකය, අන්තර්ජාලය හා සිංහල' මාතෘකාව යටතේ රජයේ කාර්යාල සේවකයින්ට සිංහල යුනිකේත, සිංහල ෆයර්ෆොක්ස්, නිදහස් මෘදුකාංග හා බ්ලොග් සම්බන්ධව පවත්වාගෙන යන වැඩසටහන් මාලාවේ තවත් වැඩමුළු කිහිපයකින් ලැබූ අත්දැකීම් නිසා, රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණය ගැන මගේ මතය තව දුරටත් කියන්න හිතුවා.
මේ සම්බන්ධව මාගේ පළමු සටහනේ මම මෙලෙස සඳහන් කළා.
"මේ ආයතනවල පරිගනක කිහිපයක් තිබෙනවා. එහෙත් ඒවා භාවිතා කිරීමේ අවස්ථාව හැම දෙනාටම නෑ. ඇයි එහෙම නීති දාල තියෙන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි. අන්තරජාලය ගැන තත්වයත් එමමයි. සමහර ආයතනවල එක පුද්ගලයටයි අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව දීල තියෙන්නෙ."
මෙවැනි ආයතනවල ප්‍රධානීන්ගේ 'තොරතුරු තාක්ෂණ' දැනුමේ ප්‍රමාණය මෙම අවාසනාවන්ත තත්වයට මූලිකම හේතුව ලෙසයි මම අනුමාන කරන්නේ.
සමහර ප්‍රධානීන් (අර මහසෝනා කියනවා වගේ) හිතන්නෙ තමන්ගේ යටත් නිලධාරීන්ට, සේවකයින්ට පරිගණකය, අන්තර්ජාලය භාවිතා කරන්න දුන්නොත් 'වඳුරට දැලිපිහිය දුන්න' වගේ තියේවි කියල.
සමහර ප්‍රධානීන් හිතනවා 'මේ පරණ මිනිස්සුන්ට මේව දීල වැඩක් නෑ. අළුතෙන් කට්ටියක් ආවහමම/ගත්තහම ඒ අයට පරිගනක එහෙම දීලා නියමෙට වැඩේ කරනවා' කියල.
තවත් ප්‍රධානීන් කොට්ඨාශයක් හිතනවා 'මුන් මේවායෙන් වැඩ කරන්න ඉගෙන ගත්තහම අපි නිකන් සෙකන්ඩ් වෙනවා. ඒනිසා මටත් බැරි එක උන්ටත් ඔනෙ නෑ' කියල.
මේ විදිහට මේ ප්‍රධානීන්ගේ 'රාජකාරී රෝග' ලංකාව් තොරතුරු තාක්ෂණයේ ඉදිරි ගමනට තදින් බලපානවා.
එබැවින් ලංකාව් තොරතුරු තාක්ෂණයේ වගකිවයුක්තන් මේ සම්බන්ධව ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන්න මාගේ මතයයි.

Sunday, 12 October 2008
අධ්‍යාපනය 1
අධ්‍යාපනය
"මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව වැඩිම පැමිණිලි විදුහල්පතිවරුන්ට එරෙහිව"
"අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු නිලධාරීන්ට එරෙහිවද පසුගිය මාස 9 තුල පමණක් පැමිණිලි 62ක්"
"මෙම පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමට අදාලවයි."
මේ අද පුවත්පත් වාර්තාවක්!
පාසලට දරුවන් ඇතුල් කිරීම, අතරමග පාසල හැර යාම, ටියුෂන් හෙවත් අමතර පන්ති, 'පහේ ශිෂ්‍යත්ව විභාගය', සාමාන්‍ය පෙල හා උසස් පෙල අසමත්වීමේ ප්‍රතිශතය වැඩිවීම, ගුරු වර්ජන, සිසු විනය පිරිහීම,
දරුවන්ගේ මන්දපෝෂණය, විශ්ව විද්‍යාලවලට අතුලත්වීමේ අවස්ථා අවම වීම, 'රැකියා විරහිත උපාධිධාරීන්' බිහිවීම, මෙවැනි ඉඟිවලින් පැවසෙන්නේ අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් අර්බුදයක් ඇති බවයි.
වරෙක කියවෙන්නේ රටේ සංවර්ධනයට අවශ්‍ය උගතුන් අධ්‍යාපනයෙන් බිහි නොවන බවයි. තවත් වරෙක කියවෙන්නේ බිහිවන උගතුන්ට රැකියා අවස්ථා නොමැති බැවින් ඔවුන්ගෙන් බහුතරයක් රට හැර යන බවයි. කෙසේ හෝ මෙයින් පැහැදිලි වන්නේ අපේ රටේ දියුණුවට නැත්නම් සංවර්ධනයට අවශ්‍යවන අධ්‍යාපනයක් නොමැති බවයි. මේ 'අධ්‍යාපන ගැටළුවේ' එක් පැතිකඩකි.
අනෙක් කාරණය නම්, ඉතා සීග්‍රයෙන් පිරිහෙන සාරධර්මයි. හොරමැරකම්, වංචා, දූෂණ, මිනීමැරීම්, අපයෝජන, වර්ජන, ගර්ජන, රැවටීම් වැනි සමාජයේ ඔඩුදුවගොස් ඇති අනේකවිධ නොපනත්කම් පිටුපසද අධ්‍යාපනයේ අසාර්ථක බව දැඩිව පවතී.
මේ සම්බන්ධව මේවන විටත් ඉතා විශාල ලෙස කතිකාවන් ඇතිවී නැතිවී ගොස් ඇති මුත් හා ඒවයේ ප්‍රතිඵල මත හෝ නොමැතිව වරින් වර ඇතිවූ 'ප්‍රතිසංස්කරණයන්' කිසිවක් ගැටළුවට විසඳුමක් වී නොමැති බව මාගේ මතයයි.

Wednesday, 8 October 2008
රාජ්‍ය සේවය, පරිගනකය, අන්තර්ජාලය හා සිංහල
නොයෙක් දේවල් ගැන මගේ මතය ප්‍රකාශ කරන්න ඕනෑකම තිබුනා.
ඒත්, මේ දිනවල පවතින අධික රාජකාරී තදබදය නිසා නිදහසේ ලියන්න වෙලාව මදි!
රාජ්‍ය ආයතනවල පරිගනක හා අන්තර්ජාලය භාවිතය සඳහා සිංහල යොදාගැනීම ප්‍රවර්ධනය කළ යුතු බවයි මගේ මතය. ඒනිසා කිය කියා ඉන්නෙ නැතුව වැඩේ පටන් ගත්තා, ගිය සතියේ. දැනට ආයතන 4ක කළා.
ඒ වැඩසටහන්වලදී ලැබනු අත්දැකීමක් ගැන මගේ මතය කියන්නයි මේ ලියන්න පටන් ගත්තේ.
මේ ආයතනවල පරිගනක කිහිපයක් තිබෙනවා. එහෙත් ඒවා භාවිතා කිරීමේ අවස්ථාව හැම දෙනාටම නෑ.
ඇයි එහෙම නීති දාල තියෙන්නෙ කියල තේරුම් ගන්න අමාරුයි. අන්තරජාලය ගැන තත්වයත් එමමයි. සමහර ආයතනවල එක පුද්ගලයටයි අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව දීල තියෙන්නෙ. මේ තත්වය වහා වෙනස්විය යුතුයි කියන එකයි මගේ මතය. කාර්යාලයේ සියළුම දෙනා පරිගනක භාවිතා කිරීම ගැටළුවක්ද? නිලධාරින්/සේවකයින් අන්තර්ජාලය භාවිතා කිරීම රාජකාරී වලට බධාවක්ද?
සිංහල දෙන්න කලින් මේ ගැටළුව විසඳාගත යුතුයි කියල හිතෙනවා.

Subscribe to:
Posts (Atom)