කොළඹ අපේ අගනගරය!
ඒ සුද්ද රට පාලනය කළ යුගයේ සිට 1978 (වගේ මතක) වනතුරුම.
රටක අගනගරය (පමණක් නොවේ සෑම ප්‍රධාන නගරයක්ම) සැලසුමකට අනුව සංවර්ධනය කළ යුතුය යන්න මගේ මතයයි.
අපේ රටේ කිසිම නගරයක් සැලසුමකට අනුව සංවර්ධනය කළ බවක් දැකිය නොහැකිය.
අපිට තිබූ හොඳම අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර අගනගරය බවට පත්කිරීම.
ඒ දිනවල තිබුණු ප්‍රචාරක වැඩසටහන්වල නම් පුදුම සැලසුම් තිබුනා.
ඒත් අද එහි ඉදිකිරීම් ස්ථාපනය කරන ආකරය දුටු විට නම්, අපේ සැලසුම් ගැන පුදුම දුකක් ඇතිවෙනවා.
ඔය තියෙන්නේ 'සැලසුම් කළ' නගරයක්ද?
ඊ ළඟට ලැබුනු හොඳම අවස්ථාව 'කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන'.
තෙල්දෙනියේ සිට ත්‍රිකුණාමලය දක්වා සැලසුම් කළ නගර නිර්මාණය කරන බවයි ඒ කාලයේ කිව්වේ.
එහෙත් සැලසුම් සහගත කිසිම නගරයක් දක්නට නෑ.
ගම්උදාව සංකල්පය යටතේ 'නවනගර' කිහිපයක් බිහි'කළා'. ඒ එක නගරයක්වත් සැලසුම් සහගතව ඉදිකළ බවක් දක්නට නෑ.
ඒ අතීතය. අපට නිවැරදි කළ නොහැකි අතීතය.
එහෙත් වර්තමානය!
ඔව්, වර්තමානයේ ලංකාවේ දකුණු ප්‍රදේශය සංවර්ධනය වෙමින් පවතිනවා.
හම්බන්තොට ප්‍රධාන කොටගෙන නගර කිහිපයක්ම සංවර්ධනය වෙමින් පවතිනවා.
අනාගතය වෙනුවෙන් මෙම නගර නිවැරදි සැලසුමකට අනුව සංවර්ධනය කිරීමේ වගකීම අද අපේ වගකීමක් බවට පත්ව තිබෙනවා.
එසේ නොවුනහොත් අනාගතයේ දරුවන් මෙම නගරවලදී (අද අප, දැන් තිබෙන නගරවල දහදුක් විඳින්නා සේ)
මාර්ග තදබදයට හසුවූ විට,
යම් ස්ථානයක් සොයාගැනීමට නොහැකි වූ විට,
යටිතල පහසුකම් නොමැතිවූ විට,
වැසි ජලයට යටවූවිට,
කසල එකතුවී ගඳගහන විට,
සුවපහසු පරිසරයක ජීවත්වනනට නොමැති වූවිට,
'ආරක්ෂාව' වෙනුවෙන් පැයගනන් කාලය කාදමන්නට වූ විට,
හුස්ම පොදක් ගන්න අපහසුවන විට,
අඩුපාඩු හදන්නට-සංවර්ධනය කරන්නට ගෙවල් දොරවල් කැඩෙනවිට,
(ගොඩක් තියෙනවා-ඒත් Post එක දිග වැඩිවෙනවා)
අපට සාප කරාවි.
එබැවින් අළුතින් සංවර්ධනය වන හම්බන්තොට වැනි නගර මනා සැලැස්මකට අනුව ඉදිකිරීම අද අපගේ වගකීමයි.