Sunday 1 July 2012

රඹුටන් කන්න - දොම්පෙට එන්න

රඹුටන් කිව්ව ගමන් කාගෙත් මතකයට එන්නේ මල්වානයි. එහෙත් අද තෙත් කලාපය පුරාම රඹුටන් වවා ඇත. විශේෂයෙන් ගම්පහ, කොළඹ, කෑගල්ල දිස්ත්‍රික්කවල රඹුටන් වගාව බහුලව දැකිය හැකිය. කෙසේ වුවත් රඹුටන් හා මල්වාන අතර තිබෙන්නා වූ යාවජීව බැඳීම නොබිදී තබා ගැනීමට 'මල්වාන ස්පෙෂෙල්' සමත් වී ඇත. ලංකාවේ රඹුටන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මල්වාන ස්පෙෂල් විශේෂයයි. දීප්තිමත් රතු පැහැති, රවුම් හා රඹුටන් අතර විශාලම ප්‍රමාණයේ ගෙඩි මල්වාන ස්පෙෂල්වල ඇති විශේෂත්වයයි. 2012 වාරය මාගේ මතකයේ හැටියට ලංකාවේ වැඩිම රඹුටන් ඵලදාවක් ඇති වූ වර්ෂය විය යුතුයි. 2011 වර්ෂයේ රඹුටන්වලට දිලීර රෝග ඇති වීම නිසා අස්වැන්න ඉතා අඩු විය. එහෙත් මෙවර දිලීර හානිය පවා ඉතා අවම මට්ටමක පවතී. රඹුටන් අස්වැන්න වැඩි වීම නිසා මිල පවා අඩු මට්ටමක පවතී. මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම නිසා රඹුටන් ගෙඩි කුණු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව දැනගන්නට ඇත. එසේ වුවහොත් ඉදිරි කාලය තුලදී රඹුටන් මිල වැඩි වීමට ඉඩ තිබේ. ලංකාවේ රඹුටන් නිශ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් අලෙවි වන්නේ දේශීය වෙළඳ පොල තුලය. මාගේ අනුමානය අනුව අපනයනය කරනු ලබන්නේ 5%ත් අඩු ප්‍රමාණයකි. ඕස්ට්‍රේලියාව, යුරෝපය, ඇමෙරිකාව, මැදපෙරදිග ආදී රටවලදී දක්නට ලැබෙන්නේ තායිලන්තය, මැලේසියාව වැනි රටවල රඹුටන් නිෂ්පාදන බව දැනගන්නට ඇත. රඹුටන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට කටයුතු කිරීම අපට ඇති හොඳ අවස්ථාවක් බව මාගේ මතය වේ. ඒ කෙසේ වුවත් මේ කියවන ඔබට දීමට ඇත්තේ වෙනත් පණිවුඩයකි. එනම් රඹුටන් කන්න ඕනෙනම් දොම්පෙට එන්න!. මල්වානේ පැණි රඹුටන් වැඩිපුරම තියෙන්නේ දොම්පෙ ප්‍රදේශයේය. විශේෂයෙන් මල්වාන ස්පෙෂෙල් වැඩිපුරම තිබෙන්නේ දොම්පෙය. දොම්පෙ, දෙකටන, කළුකොඳයාව, මාපිටිගම, කිඹුල්විලවත්ත, ඉන්දොලමුල්ල, මාළිඳ, කපුගොඩ, පූගොඩ ආදී ප්‍රදේශවල මේ දිනවල රඹුටන් 'වැහි වැහලාය'. නිරිතදිග මෝසමේ වැහි තවත් වහින්න පෙර දොම්පෙට ඇවිත් හිතේ ඇති තරම් රඹුටන් කන්න ආරාධනා කරන්නෙමු.

7 comments:

Dude said...

බන්ධුල, ලාංකීය සිතුවිලි එක බලනකොට මේ දොම්පෙ නම දැකලයි ආවේ අහම්බෙන්. හරිම සන්තොෂයි මාත් ඔය පැත්ත හොන්දට දන්නවා. මගෙ බ්ලොග් දෙක කියෙව්වොත් සමහරවිට තව තොරතුරු ලැබෙයි. කෙටිම පාර කමෙන්ට් එකට යටින් තියන නම් දෙක උඩ වෙන වෙනම ක්ලික් කරන එක.
එතකොට ඇයි මේ කමෙන්ට් මොඩරේෂන් වලට අමතරව වර්ඩ් වෙරි‍ෆිකේෂනුත් දාලා. ලොකු උදව්වක් ඒක අයින් කලොත්.
ඉතින් නැවත හමුවෙමු.

henryblogwalker the Dude

දයානන්ද රත්නායක said...

මේක කියෙව්වාම කටට කෙලත් උනනවා. මට රඹුටන් මැවිල පේනවා. අපේ පාඩම් පොත්වල පවා තිබුණනේ මල්වාන ගැන.

ඉතින් බන්දු අර පරණ කවිය මතක් වෙනවා.
"දොම්පෙට යන පාර කොයිබදෝ......?"

Dude said...

බන්ධුල, මම කලිනුත් මේකට කමෙන්ට් එකක් දැම්මා. ඒක ස්පෑම් වෙලා වගෙ. මම ඊ ලඟට ගාමිණීගෙ විජිතය ලියන ගාමිණීගෙන් ඇහුවා. එතකොටයි ගාමිණිත් මේ බ්ලොග් එක ගැන දැන ගත්තෙ. මමත් සින්ඩියක් හරහා මුලින්ම ආවෙ මේකට. සන්තෝශයි.

අර Word Verification නම් හෙනම ඇණයක් බන්දු.

henryblogwalker the Dude
.

Bandula - බන්දුල said...

@Dude
නෑ හෙන්රි, ස්පෑම් වෙලා නෙමේ! මම දැනුයි ගොඩ වුනේ. අද දවසම හරිම කාර්ය බහුල වෙලා තිබුනේ. උදේ ඉඳන් කට්ටිය රඹුටන් කන්න එනවා; අන්තිම කට්ටිය ගියේ හවස 7ට විතර. නිවාඩු දවසනෙ. ගොඩක් ආව.
හරිම සන්තෝසයි දොම්පයෙක් ගොඩවෙලා ඉන්නව දැක්කහම. ආසයි අඳුන ගන්න. එවනවද ඉ-ලිපියක්!
@රත්නායක
ගූගල් මැප් යන්න!
දොම්පෙ රඹුටන් කාල තියෙන කෙනෙක්ටනම් කෙළ උනන්න විදිහක් නෑ. මොකද පොඩ්ඩක්වත් ඇඹුල් නෑ.

Raj said...

ඔබ තුමා ගැන දැනගත්තේ Dude ගෙන් ඇත්තටම ඔබ දොම්පේ කොහේද මෙන්න මගේ ඊය
traj1981@gmail.com

ඔබගේ බ්ලොග් සෙටින්ස් වල තිබෙන කමෙන්ට්ස් මොඩරෙෂන් ඔප්ශන් එක ඉනැක්ටිව් කරන්න කියා ඉල්ලා සිටිනව මන්ද ඔබගේ බ්ලොගයට අදහස් පලකරන්නන්ට එය පහසුවක් වන නිසා

Raj said...

ඔබ තුමා ගැන දැනගත්තේ Dude ගෙන් ඇත්තටම ඔබ දොම්පේ කොහේද මෙන්න මගේ ඊය
traj1981@gmail.com

ඔබගේ බ්ලොග් සෙටින්ස් වල තිබෙන කමෙන්ට්ස් මොඩරෙෂන් ඔප්ශන් එක ඉනැක්ටිව් කරන්න කියා ඉල්ලා සිටිනව මන්ද ඔබගේ බ්ලොගයට අදහස් පලකරන්නන්ට එය පහසුවක් වන නිසා

Raj said...

මමත් ඔය පලාත ගැන හොඳ හැටි දනිමි ඔය වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කලොත් කියවන අයට කොමෙන් ටුවක් දැමිමට පහසු වෙවී