මානව පරිනාමය විවිධ යුගවලට වෙන් කර දක්වා ඇත. ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය, තාක්ෂණ යුගය ආදී ලෙස (වෙනස් ආකාරයේ කොටස් කිරීම් හා නාම ද තිබේ) පැමිණ අදවන විට තොරතුරු තාක්ෂණ යුගයේ සිටින්නේ යැයි පැවසේ. එළඹෙන යුගය කුමක් විය හැකිද?
ඉහත දැක්වූ යුග සියල්ල ප්‍රධාන යුග දෙකක අනු යුග නොඑසේනම් උප යුග ලෙස මම සිතමි. ගල් යුගය, එඬේර යුගය හා ගොවි යුගය අයත්වන්නේ 'ආහාර යුගය' නම් ප්‍රධාන යුගයටය. එම යුගයේ මිනිසාගේ ප්‍රධාන සම්පත වී තිබුණේ ආහාරය. කාර්මික යුගය, තාක්ෂණ යුගය හා තොරතුරු තාක්ෂණ යුගය අයත් වන්නේ 'දැනුම යුගය' නම් ප්‍රධාන යුගයටය. මේ යුගයේදී මිනිසා තම ජීවිතය සැපවත් කර ගන්නේ දැනුම රැස් කර ගැනීමෙනි. දැනුම ඇති තැනැත්තා එය 'විකුණාගෙන කයි'. දැනුම නොමැත්තා දැනුම මිලදී ගනියි. නැත්නම් දැනුම ඇත්තාට කඹුරයි. එනම් මේ දැනුම සම්පත වූ යුගයේ තමාට දැනුම තිබීම හා අනෙකාට දැනුම නොතිබීම අපේ අවශ්‍යතාවයයි. අපේ සැපවත් බවේ රහස එයයි. මෙය අනෙක් පස පෙරළුනොත් කුමක් සිදු වේද? අනෙකාට දැනුම නොමැති කම මට අපහසුවක් වේ නම් දැනුම මාගේ සම්පත නොවනු ඇත. මා අසීමිතව දැනුම සොයමින් නොවෙහෙසෙනු ඇත. මාගේ දැනුම මාගේ සැපපහසුව උදෙසාම අනෙකාටද ලබා දෙනු ඇත. එවිට මිනිසා නව ප්‍රධාන යුගයක් කරා පිය නගනු ඇත.
එම ප්‍රධාන යුගය කුමක් විය හැකිද? එම යුගයේ සම්පත 'ගුණ ධර්ම' වැනි යමක් විය හැකි බව මාගේ මතයයි.
2 comments:
ලංකාවෙ මේ යන විදියට නම් වැඩවසම් යුගය
read Book of "Tao o Physics"
Post a Comment